
RMV වංචා සොයන මෙහෙයුමෙන් ලබාගත් ලක්ෂ 90 ක වාහන දත්ත වාර්‍තා විශ්ලේෂණයට
FM Heart · 2 min read
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුවේ සිදුවන වංචා, දූෂණ, අක්‍රමිකතා සෙවීම සඳහා ආරම්භ කළ මෙහෙයුමෙන් පසු ලබා ගත් ලක්ෂ 90ක වාහන දත්ත වාර්‍තා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය ඇතුළු ආයතන 4ක් විසින් විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් විමර්‍ශන වාර්‍තාවක් අධිකරණය වෙත ඉදිරි දිනවලදී භාරදීමට නියමිතය. අධිකරණයට ලැබෙන එම වාර්‍තා ඔස්සේ දූෂණ, අක්‍රමිකතා, වංචා සිදුවී ඇති වාහන හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වලාන දූෂණ මර්‍දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් සිදු කරනු ඇත. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව වලාන දූෂණ මර්‍දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලූගල සහ එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පරිගණක විශේෂඥයන් කණ්ඩායමකගේ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම ආරම්භ කර තිබිණි. මෙම මෙහෙයුම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ගව්ටෙක් ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පරිගණක ඒකකය සම්බන්ධ විය. රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන වාහන සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ සිදුකර ඇති බවට දිගින් දිගටම බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. ව්‍යාජ ලේඛන සකස් කිරීම, නීත්‍යනුකූල නොවන ආකාරයට ගෙන්වූ වාහන සඳහා ලියාපදිංචිය ලබාදීම ඇතුළු වංචනික ක්‍රියා රැසක් මෙම දෙපාර්‍තමේන්තුවෙන්තුව තුළ සිදුවී ඇත්තේ ලක්ෂ ගණනින් මුදල් හුවමාරු වීම් මත බව මේ වනවිට අනාවරණය වී ඇත. හේමන්ත රන්දුණු

