FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඥානසාර හිමිට සිවුරු පොරවනන මහා නාහිමි බන්ධනාගාරයට යන්න සූදානම්

FM Heart · 1 min read

The Heart Academy
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාට වැරදිකරු වී සිදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම ධර්‍ම විනයානුකූලව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තමන් ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝසභා නියෝජිත පිරිසක් බන්ධනාගාරයට පැමිණීමට සූදානමින් සිටින බවත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්‍ශ්වයේ මහානායක ආචාර්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබේ. ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ද මහානායක හිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවවරයාට ද එම ලිපියේ පිටපතක් යොමුකර තිබේ. සිදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කර අධිකරණයට ගෙනයෑමේ සිද්ධිය පසුගිය සතියේ මෙරට වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බව පත්වූ අතර ඒ අනුව අධිකරණ අමාත්‍යංශය නව නීති ඉදිරිපත් කරවන ස්වාමීන්වහන්සේ සිවුරෙන් අධිකරණවලට ගෙන ඒමට කටයුතු කළේය. (යොහාන් භාසුර)
99mobile