FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නුවරඑළිය ප්‍රධාන මාර්‍ගයට පස් කන්දක් කඩා වැටී ගමනා ගමනය සම්පූර්‍ණයෙන්ම ඇනහිටියි...

FM Heart · 1 min read

The Heart Academy
පස් කන්ද කඩා වැටීමත් සමග ඒ අසළින් ගමන් ගත් ත්‍රී රෝද රථයක්ද පස් කන්දට යට වී ඇති අතර, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත. මේ අතර, හටැන් ඔය පිටාර ගැලීමෙන් හැටන් රොතැස් ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇත. මාර්‍ගයේ ගමනා ගමන කටයුතු පස්වරු 6:30 සිට යලි යථා තත්වයට පත් කර ඇත. නෝර්‍වුඩ් මාර්‍ග සංවර්‍ධන අධිකාරි කාර්‍යාලයේ විධායක ඉංජිනේරුවරයා, කොටගල යුධහමුදා කදවුරේ භට පිරිස්, හැටන් පොලිසියේ නිළධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එක්ව එම මාර්‍ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත. පවතින වර්‍ෂාවත් සමග එම මාර්‍ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්‍ගයෙත් රථවාහන ධාවනය කිරිමේදි පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්‍ගවල රථාවාහන ධාවනයේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර හැටන් ප්‍ර දේශයට ඇදහැලුණු අධික වර්‍ෂාවත් සමග රොතස් ප්‍ර දේශයේ ගාල් කර තිබූ ලොරි රථයක් හැටන්ඔයේ ගසාගෙන ගොස් ඇත.
99mobile