FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි දුක් විදින්න ඕන නෑ... අපිත් කනබොන මිනිස්සු... වෙනද එවන තෑගි පාර්‍සල් එවන්න - රන්ජන් ජයලාල්

FM Heart · 1 min read

The Heart Academy
දේශපාලන බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම උදෙසා අතීතයේදී ජීවිත පවා කැප කළ බවත්, එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දුක් විඳින අවසන් නගරාධිපතිවරුන් මෙන්ම අවසන් මැති ඇමැතිවරුන් බවට පත්විය යුත්තේ තමන් ඇතුළු පිරිස බවත් කඩුවෙල මහා නගර සභාවේ හිටපු නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි. තවදුරටත් මහජන නියෝජිතයන් හෝ සේවකයන් පීඩාවට පත්වෙමින් දුක් විඳිය යුතු නැති බව පෙන්වා දෙන ඒ මහතා, නව දේශපාලන පරිවර්‍තනයත් සමඟ නගර සභාවලට උත්සව සමයේ ලැබෙන සුබපැතුම් හෝ ත්‍යාග පාර්‍සල් නතර වී ඇතැයි ඇතැම් පාර්‍ශ්ව වැරදි වැටහීමක් ඇති කරගෙන සිටින බව සඳහන් කළේය. විශේෂයෙන් වසර අවසාන දෙසැම්බර් උත්සව සමයේදී පෞද්ගලික සහ රාජ්‍ය ආයතන මඟින් පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ත්‍යාග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ඔහු, නගර සභාවේ සේවක ප්‍රජාව වෙනුවෙන් එම ආයතනවල නිෂ්පාදනවලින් හෝ යම් කොටසක් ලබාදීමට පියවර ගන්නා ලෙස තමන් විවෘතව ඉල්ලා සිටි බව පැවසීය. "අපි පාලනය භාරගත්තට පස්සේ දෙසැම්බර් මාසේ තෑගි පාර්‍සල් එන්නේ නෑ, මෙතන ඉන්නේ කාලා බීලා ඉන්න මිනිස්සු නෙවෙයි කියලා සමාජයේ ඇතැම් අය තුළ මතයක් තියෙනවා. රාජ්‍ය ආයතනවලත් ඒ ගැටලුව තියෙනවා. නමුත් අපි ඒවා මඟහරවාගෙන මේ ගමන යන්න ඕනේ. අපිත් හොඳට කාලා බීලා සතුටින් ඉන්න කැමති මිනිස්සු," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile