FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගෝඨා මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යංශයට!

FM Heart · 1 min read

The Heart Academy
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය වෙත පැමිණ තිබේ. එම කාර්‍යාංශය විසින් සිදු කරන ලද විශේෂ කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාට අදාළව සිදුකෙරෙන විමර්‍ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමේ අරමුණිනි. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හොබවද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේ සුගීෂ්වර බණ්ඩාර මහතායි. එම කාලසීමාව තුළ එකවර රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගනිමින් මහා පරිමාණයෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. අදාළ චෝදනාවලට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සුගීෂ්වර බණ්ඩාර මේ වන විටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. ප්‍රකාශ ලබාගැනීම සහ ඉදිරි පරීක්ෂණ මෙම සිදුවීමට අදාළව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ සහ අදාළ රාජ්‍ය ආයතනවල සිදුව ඇති පරිපාලනමය හා මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගෙන් දීර්‍ඝ ලෙස ප්‍රකාශ ලබාගැනීමට මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය කටයුතු යොදා තිබේ. සිදුවීමට අදාළ ඉදිරි විමර්‍ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින් තවදුරටත් සක්‍රියව සිදුකරනු ලබයි.
99mobile