FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිවුර ගැලැවූ ඥාණසාර හිමි යලි මහණ කරවන්න යයි..

FM Heart · 2 min read

The Heart Academy
මේ අතර, උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් හා මාංචු සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් පෙන්වා දෙන්නේ, ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීම බෞද්ධ ධර්‍ම විනයට අනුකූලව සිදුකළ යුත්තක් බවයි. ඒ සඳහා තමන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව නියෝජනය කරන දස නමකින් යුත් මහා සංඝරත්නය බන්ධනාගාරය වෙත වැඩම කිරීමට සූදානමින් සිටින බැවින්, ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් කඩිනමින් දිනයක් ලබාදෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලා ඇත. අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර පාලනාධිකාරියේ අභිමතය පරිදි පමණක් තනිව තීරණය කළ නොහැක්කක් බවත්, බන්ධනාගාර ආඥා පනතේ 156 (2) වගන්තිය ප්‍රකාරව සිරකරුවන්ගේ ඡායාරූප ගැනීම සහ ප්‍රසිද්ධ කිරීම තහනම් කර තිබියදී ඥානසාර හිමියන්ගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධ කිරීමට ඉඩහැරීම නීතිවිරෝධී බවත් පෙත්සමේ සඳහන් වේ. එබැවින් ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන හෝ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවලදී උන්වහන්සේට චීවරය දැරීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලියේදී නිලධාරීන් නීතියට පටහැනිව ක්‍රියා කළේද යන්න පිළිබඳව විමර්‍ශනයක් පවත්වන ලෙසත් එම පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද ඇත.
99mobile