
විදුලි ගාස්තු යලි ඉහලට..? PUCSL හදිසි රැස්වීමක්..
FM Heart · 1 min read
මෙම වසරේ සිව්වන කාර්‍තුව සඳහා වන විදුලි ගාස්තු සමස්තයක් ලෙස සියයට 1.46කින් ඉහළ දැමිය යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධති ක්‍රියාකරු විසින් මෙම කාර්‍තුව වෙනුවෙන් විදුලි ගාස්තු සියයට 2.88කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබූ අතර, එම ගණනය කිරීම් විමර්‍ශනය කළ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාළ යෝජනාව සංශෝධනය කරමින් මෙලෙස සියයට 1.46ක ගාස්තු වැඩිවීමක් යෝජනා කර ඇත. මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට පෙර, අදාළ පාර්‍ශ්වයන්ගේ සහ විදුලි පාරිභෝගිකයන්ගේ අදහස් ලබාගැනීම සඳහා හෙට (04) දිනයේදී විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතය. එහිදී ඉදිරිපත් වන කරුණු හා සංශෝධන ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව සිව්වන කාර්‍තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

