FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එක`ගතාවකින් මිස ‘PSTA’ සහ ‘PTA’ පනත් දෙක කඩිමුඩියේ සම්මත කරන්නේ නෑ

FM Heart · 2 min read

The Heart Academy
ඊළඟ වැටුප් තලය ජනවාරියේ දෙනවා අය-වැයෙන් අත්‍යවශ්‍ය දීමනා 100% කින් වැඩි කරනවා ජනපති වෘත්තීය සමිති ජාතික සමුළුවේදී කියයි යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් දෙක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන සංවිධාන හා සමාජ කණ්ඩායම් සමග සාකච්ඡුා කර එකඟතාවයකින් මිස කඩිමුඩියේ පාර්‍ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහෙත් මෙහිදී නීතිවිරෝධී අපරාධකරුවන්ගේ සහ ඔවුන්ගේ වරප්‍රසාද ලබන පිරිසගේ හඬට සවන් නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. පෙරේරා (7දා) කොළඹ පැවැති ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය. විශේෂඥ ඥානය සහ තාක්ෂණික නිපුණතාව ඇති අය රාජ්‍ය සේවයට ගේන්න නම් පැරැුණි වැටුප් තලවලින් එළියට ආ යුතුයි. පොදු රාජ්‍ය සේවයේ මූලික වැටුප් තල වැඩි කර තිබෙන අතර ජනවාරි මාසයේදීත් ඊළඟ වැටුප් තලය ලැබෙනවා. අය – වැය මගින් බොහෝ අත්‍යවශ්‍ය දීමනාවන් 100% කින් වැඩි කිරීමට අපි කටයුතු කරනවා යැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීවේය. 1978 සිට පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යි කියන ස්ථාවරයේ අපි සිටියා. අපේ ආණ්ඩුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා. හැබැයි ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තිබෙන පනත අහෝසි කරන අතරම වර්‍තමානයේ පවතින ත්‍රස්තවාදී තර්‍ජනයන්ට අනුරූපී වන පරිදි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතක් අවශ්‍යයි. ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනතක් නැතිව යන්න බැහැ. ලෝකය පුරාවටම ත්‍රස්තවාදී තර්‍ජනයක් තිබෙනවා. ඒ නිසා එම තර්‍ජනයට අනුරූපී වන පරිදි නව පනතක් ගෙන ඒමට අපි කටයුතු කරනවා. පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා රුපියල් කෝටි 22,000 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාලය මගින් රාජ්‍යය දුර්‍වල කිරීම වැළැක්වීම සඳහා සංවිධානාත්මක අපරාධවලින් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් අවශ්‍යයි. මෙම පනත් ජනතාව මර්‍දනය කිරීමට පාවිච්චි කරන්නේ නැහැ. පසුගිය වසර දෙක තුළ කිසිදු ජල ප්‍රහාරයක්, බැටන් ප්‍රහාරයක් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. ජාතික ජන බලවේගයට ජනතාව මර්‍දනය කිරීමට පනත් අවශ්‍ය නැහැ. ජනතාව අකැමැති නම් ඊළඟ මැතිවරණයට යෑමට සූදානම්. අපි අණ පනත්වලින් බලයේ සිටීමට සූදානම් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි ජනතා කැමැත්තෙන් සහ ජනතාවගේ බලයෙන්, බලයේ සිටින ව්‍යාපාරයක්.
99mobile