FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කාරක සභා අවස්ථාවේ යෝජිත සංශෝධන කළ පසු පාර්‍ලිමේන්තුවේ සරල බහුතරයෙන් PSTA සම්මත කළ හැකියි

FM Heart · 2 min read

The Heart Academy
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මැති සබයට දන්වයි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යෝජිත සංශෝධන කාරක සභා අවස්ථාවේ සිදුකිරීමෙන් පසුව පාර්‍ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12දා) පාර්‍ලිමේන්තුවට දැනුම් දුන්නේය. පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අදාළ තීන්දුව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. මේ පිළිබඳව කථානායකවරයා ඉදිරිපත් කළ තීන්දුව මෙසේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදුකිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදුකිරීමට එකඟ වී ඇත) මෙම පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි. “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26 (2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26 (2) වගන්තිය පහත පරිදි විය යුතුය. “(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්‍ශන සිදුකිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්‍ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්‍ශනය සිදුකරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්‍තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකිය.” ඵලදායි අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59 (5) (ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතුය. අනවශ්‍ය ප්‍රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60 (7) වගන්තිය ඉවත් කළ යුතුය සහ 66 (1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතුය. “මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 සහ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකිය.” රනිල් ධරමසේන
99mobile