FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහ බැංකු අධිපති පෙන්වා ජාවාරම්..

FM Heart · 1 min read

The Heart Academy
විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහ බැංකු අධිපතිවරයා පෙනී සිටින ආකාරයෙන් නිර්‍මාණය කරන ලද මෙවැනි වංචනික ප්‍රචාරක දැන්වීම් සහ වීඩියෝ දර්‍ශන සංසරණය වන බව සිය නිරීක්ෂණයට ලක්ව ඇති බව මහ බැංකුව පවසයි. එම වීඩියෝ පට හරහා විවිධ මූල්‍ය උපදෙස්, ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජන අවස්ථා හෝ විවිධ මූල්‍යමය ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බැවින්, කිසිදු හේතුවක් මත එවැනි ප්‍රකාශ හෝ දැන්වීම් විශ්වාස කර කටයුතු නොකරන ලෙසත්, එවැනි වංචාවලට හසු වී සිය මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකුව ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. තවදුරටත් අදහස් දක්වන මහ බැංකුව අවධාරණය කරන්නේ, මෙවැනි නොමඟ යවන සුළු ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය කිරීමෙන් (Share කිරීමෙන්) වැළකී සිටින ලෙසයි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ඕනෑම නිල තොරතුරක් හෝ මූල්‍යමය උපදෙසක් වෙතොත් ඒවා මහ බැංකුවේ නිල සන්නිවේදන මාධ්‍ය ජාල සහ වෙබ් අඩවිය ඔස්සේ පමණක් තහවුරු කරගන්නා ලෙසත්, "විශ්වාස කිරීමට පෙර තහවුරු කරගන්න" සිහියේ තබා ගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.
99mobile