
ලබන වසරේ රාජ්‍ය ආදායම හා ප්‍රදාන රු. බිලියන 6,180 ක්
FM Heart · 1 min read
වියදම රු. බිලියන 7,933 ක් අය – වැය හිඟය රු.බිලියන 1753ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12දා) පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන වර්‍ෂය (2027) සඳහා වන රාජ්‍ය අය – වැය ලේඛනයෙන් ලබන වසරේ සමස්ත අය – වැය හිඟය රු. බිලියන 1,753 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ලබන වසරේ දිට්වා හානි ප්‍රතිසංස්කරණය සඳහා වන රු. බිලියන 260 ක පරිපූරක ඇස්තමේන්තුව සමග මෙලෙස සමස්ත අය – වැය හිඟය බිලියන 1,753 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලබන වසර සඳහා මුළු ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම හා ප්‍රදාන රු. බිලියන 6,180 ක් වන අතර මුළු රාජ්‍ය වියදම රු. බිලියන 7,933 ක් වේ. මේ වසරේ (2026) සංශෝධිත සමස්ත අය – වැය හිඟය රු. බිලියන 1,328 ක් වන අතර මේ අනුව ලබන වසරේ (2027) සමස්ත අය – වැය හිඟය රු. බිලියන 425 කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත

