FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාමල්ගේ ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසමෙන් පෙත්සමක්

FM Heart · 2 min read

The Heart Academy
පෙත්සම විසි කරන ලෙස ඉල්ලා නාමල් වෙනුවෙන් පෙත්සමක් – දෙකම අද සලකා බලයි ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පසුගිය 03 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝග අවලංගු කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද (13) යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (12දා) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය. ඇප නියෝගය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා තවත් පෙත්සමක් ගොනු කර තිබුණි. වගඋත්තරකාර පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණයට කරුණු දක්වමින් එම පෙත්සම සලකා බැලීමට ඉතා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්‍ශනයකට අදාළව ඉකුත් 3 දා පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රු. ලක්ෂයක (රු. 100,000ක) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම් දෙක සම්බන්ධයෙන් සලකා බැලීම අද පස්වරු 2.30 තෙක් කල් තැබීය. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile