
රටේ දැවෙන ප්‍රශ්න කිසිවකට මේ අය-වැයෙන් විසඳුම් නෑ – එජාප සභාපති
FM Heart · 2 min read
මේ ඉදිරිපත් කර තිබෙන අය-වැයෙන් රටේ දැවෙන ප්‍රශ්න කිසිවකට විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන්ම Millennial සහ GEN Z පරම්පරාව නියෝජනය කරන තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ද අය-වැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. උදාහරණයක් හැටියට බැලුවොත්, ලෝකය තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාමත් මන්දගාමී තත්ත්වයකයි. ඒ වාතාවරණය තුළ අලුත් පරම්පරාවට නව තාක්ෂණය ඔස්සේ රැකියා උත්පාදනය කරගැනීමේ ක්‍රමවේදයන් සඳහා කිසිදු යෝජනාවක් මේ අය-වැය ඔස්සේ ඉදිරිපත් වී නැත. එසේම 2028 වසර වන විට අපගේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි කරගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා 2001 වර්ෂයේ සිටම ප්‍රකාශ කර සිටියේ රට බරපතළ ආර්ථික අර්බුදයකට යමින් තිබෙන බැවින්, එය ගොඩගැනීම සඳහා දේශපාලන පක්ෂ සියල්ලම එකට එකතුවී බොරුකීමෙන් වැළකී, සත්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු බවයි. ගන්න තිබෙන සෑම ණයක්ම අරගෙන, පඩියෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ණය හැටියට ගෙවමින් තමයි ජනතාව ජීවත් වෙන්නෙ. තමන්ගේ නිවසේ ලයිට් බිල් ගෙවන්නේ කොහොමද, වතුර බිල් ගෙවන්නේ කොහොමද, ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද ආදී වශයෙන් මහා දැවැන්ත අර්බුදයකයි ඔවුන් ජීවත් වන්නේ. තමන්ගේ කනකර කරාබු සියල්ලක් උකස් තියලා, ඇතැම් අයගේ ඒ උකස් තැබූ බඩුබාහිරාදිය සින්න වීම වැනි දැවැන්ත අර්බුදයකයි ජනතාව සිටින්නේ. ඔවුන්ට ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය පරිසරය මේ අය-වැය තුළ අපිට පෙනෙන්නට නැහැ. මේ අය-වැයෙන් කෙසේද ඒ අයට යහපතක් ලැබෙන්නේ කියන ප්‍රශ්නාර්ථ ලකුණ සමාජය හමුවේ තිබෙනවා. උකස් බඩු ගන්න පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ට්‍රිලියන තුනක පමණ සමස්ත දේපොළ උකස් තැබීම සිදුකර තිබෙනවා. එහෙම නැත්නම් පුද්ගලික ණය, එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු සීට්ටු ණය දක්වාම ගමන් කරලා තිබෙනවා. ඉතාම බරපතළ අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රි ලංකාව පත් වී තිබෙන මොහොතක මේ ඉදිරිපත් කර තිබෙන අය-වැය තුළින් ශ්‍රී ලාංකික මහජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව සිහිපත් කිරීමට කැමතියි. චමින්ද සිල්වා

