
ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ජනාධිපතිවරයාට පිළිතුරක් නැහැ
FM Heart · 1 min read
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාව මුහුණ දෙන බරපතළම ප්‍රශ්නයට විසඳුමක් ජනාධිපතිවරයා මෙවර…. අයවැයෙන් ද ලබාදී නැතැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ වනවිට පවුල්වලින් 60%ක් පමණ දුප්පත්භාවයට පත්ව ඇති බවත් එම අයගේ දුප්පත්භාවය තුරන් කිරීමට හෝ රටේ සමස්ත ජනතාව මුහුණදී සිටින ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ලබාදී නැතැයි හෙතෙම සඳහන් කළේය. මේ වනවිට බඩු මිල උද්ධමනය, බදු බර ඉහළ ගොස් ඇති බවත් ඒවාට ජනාධිපතිවරයා සතුව කිසිදු විසඳුමක් නැති බවත් මෙවර අයවැයෙන් පෙනී යන බවත් ඔහු සඳහන් කළේය. දුප්පත්භාවයට අමතරව රටේ විරැකියාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කිසිදු පිළිතුරක් නැති බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. අකිත පෙරේරා

