FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රෝහල්වල බාල බෙහෙත් තියෙන්න පුළුවන්.- සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

FM Heart · 1 min read

The Heart Academy
පාර්‍ලිමේන්තු අයවැය විවාදයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අඩුපාඩු සිදුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බවත්, ලෝකයේ පවතින විශාලතම රෝහල්වල පවා එවැනි අඩුපාඩු සිදුවන බවත්‍ය. ඒ අනුව මෙරට තුළ ද ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ තිබීමට හෝ ලැබීමට හැකියාවක් පවතින බව ඒ මහතා සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්‍ග පිළිබඳව අදහස් දැක්වූ හංසක විජේමුනි මහතා පැවසුවේ, වෛද්‍යවරුන් තම ඉල්ලීම් වෘත්තීය මට්ටමින් දිනා ගන්නා ආකාරය දන්නා බැවින් කවුරුන් හෝ පාරට බසින ලෙස ඉල්ලා සිටිය ද ඊට එක්වන්නේ හැමදාමත් පැමිණෙන සියයක දෙසියක පිරිසක් පමණක් බවයි. එම පිරිස රෝහල්වල සේවය කරන අය නොවන බැවින් ඔවුන් විරෝධතා සඳහා පැමිණිය ද රෝහල් කටයුතුවලට විශාල ගැටලුවක් ඇති නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. තවද, තීරුබදු සහන බලපත්‍ර යටතේ වාහන ගෙන්වීම නතර කර මේ වන විට වසර හයක් ගත වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන් පත් වී ගත වී ඇත්තේ වසර දෙකක් පමණක් බැවින් ඒ සම්බන්ධයෙන් එල්ල කෙරෙන චෝදනා සාධාරණ තර්‍කයක් නොවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
99mobile