
2500 ක් දෙනා රවට්ටලා: – හොර මූල්‍ය ආයතන මගෝඩිස් අත්අඩංගුවට
FM Heart · 2 min read
මූල්‍ය වංචාව රුපියල් කෝටි 400 ඉක්මවයි පැමිණිලි 200ක් මහනුවර සහ කොහුවල ප්‍රදේශවල ව්‍යාජ මූල්‍ය ආයතන දෙකක් පිහිටුවාගෙන ඉහළ ලාභාංශ ලබාදෙන බව කියමින් පුද්ගලයන් 2500 කට අධික පිරිසක් රවටා රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ කෝටිපති ව්‍යාපාරිකයකු, මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කෝටිපති වංචාකරුට එරෙහිව මේ වනවිට පැමිණිලි 200 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළව පමණක් සිදුවී ඇති මූල්‍ය වංචාව රුපියල් කෝටි 400 ඉක්මවන බව විමර්‍ශන නිලධාරීහු පවසති. මෙම සැකකරු විසින් මහනුවර සහ කොහුවල ප්‍රදේශවල ව්‍යාජ මූල්‍ය ආයතන දෙකක් පිහිටුවාගෙන ගනුදෙනුකරුවන් 2500 කට අධික පිරිසකගෙන් විශාල වශයෙන් මුදල් සිය ආයතනවල බැංකු ගිණුම්වලට බැර කරගෙන ඇත්තේ ඉහළ පොලියක් මාසිකව ලබාදෙන පොරොන්දුව පිටය. මොහුගේ ව්‍යාජ මූල්‍ය ආයතනවල විවිධ පුද්ගලයන් රුපියල් ලක්‍ෂ 10 සිට රුපියල් කෝටි 2-3 වැනි විශාල මුදල් ප්‍රමාණයන් ද තැම්පත් කර ඇත්තේ ඉහළ පොලියක් මාසිකව ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිවය. සැකකරු මාස කීපයක් එහි තැම්පතුකරුවන්ට පොලී මුදල් ලබාදී ඇති අතර පසුව ඒවා ලබාදීම පැහැර හැර ඇත. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ගිනිගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ට ලැබුණු පැමිණිලි අනුව විමර්‍ශන පවත්වා අදාළ මූල්‍ය ආයතනයේ අධිපති ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු අධිකරණය වෙත අද (26 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

