FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

2027 අයවැය කාරක සභා විවාදයේ සිව්වැනි දිනය අදයි – පාර්‍ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

FM Heart · 1 min read

The Heart Academy
2027 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය වන අද (26) පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා කටයුතු ආරම්භ විය. ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්‍ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ විවාදය දින හතක් පුරා පැවැති අතර, ඊට අදාළ ඡන්ද විමසීම පසුගිය 20 වැනිදා පැවැත්විණි. එහිදී අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වූ අතර, ඊට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද හිමි විය. අනතුරුව අයවැය තෙවැනිවර කියවීමට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 21 වැනිදා ආරම්භ වූ අතර, එය දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට නියමිතය. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට පාර්‍ලිමේන්තුව රැස්වී අයවැය විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. 2027 අයවැයේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය. පාර්‍ලිමේන්තු සජීවී විකාශය මෙතැනින් නරඹන්න:
99mobile