FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් — අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව නිදහස්!

FM Heart · 2 min read

The Heart Academy
ලොව ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් නිවේදනය කර තිබේ. ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව බදු සංශෝධනයන්ට චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන ආර්‍ථිකයන් රැසක් ඇතුළත් වන අතර, විශේෂත්වය වන්නේ මෙම නව තීරුබදු පැනවීමට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොතිබීමයි. මෙම නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ වැඩිම බදු අනුපාතයකට මුහුණ දීමට සිදුව ඇත්තේ චීනයටයි. බොහෝ චීන භාණ්ඩ සඳහා යෝජිත 20%ක නව තීරුබද්දත් සමඟ ඇතැම් භාණ්ඩ සඳහා වන මුළු බදු අනුපාතය 40% දක්වා ඉහළ යනු ඇත. ආසියානු සහ යුරෝපීය කලාපයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සඳහා යෝජිත බදු අනුපාත පහත පරිදි වේ: චීනය 20%ක නව බද්දක් සමඟ ඇතැම් භාණ්ඩ සඳහා 40% දක්වා වියට්නාමයට 20%ක නව බද්දක් කාම්බෝජය, ඉන්දුනීසියාව සහ මැලේසියාවට 18% ක නව බද්දක් ඉන්දියාවට 17%ක නව බද්දක් යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ජපානයට 15%ක නව බද්දක් මීට අමතරව සිංගප්පූරුව, ස්විට්සර්‍ලන්තය, තායිලන්තය, තායිවානය සහ බංග්ලාදේශය යන රටවලට ද මෙම නව බදු ප්‍රතිපත්තිය බලපානු ඇති බව විදෙස් වාර්‍තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සාකච්ඡා මාර්‍ගයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් පමණක් මෙම යෝජිත බදු අනුපාතයන්හි යම් වෙනසක් සිදුවිය හැකි බව ට්‍රම්ප් පරිපාලනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කලාපීය තරගකරුවන් වන ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවලට මෙම නව තීරුබදු බලපෑම් එල්ල වන පසුබිමක, ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත් නොවීම මෙරට අපනයන ක්ෂේත්‍රයට සුබදායී පුවතක් වනු ඇත.
99mobile