FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රත්ගම පිට්ටනියක මළ සිරුරක් – වෙඩි වැදීමකින් මියගොස් ඇතැයි සැක

FM Heart · 1 min read

The Heart Academy
රත්ගම, මලිදූව ප්‍රදේශයේ චීන පිට්ටනියේ තිබී නාදුනන පිරිමි මළ සිරුරුක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සදහන් කළේ වෙඩි තැබීමකින් සිදුවූ බවට සැකකෙරෙන මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි. වෙඩි වැදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්‍ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. .
99mobile