FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බෝට්ටුවක් පෙරලී 24ක් මරුට.. රියදුරු පලායයි..

FM Heart · 1 min read

The Heart Academy
බයෙල්සා ප්‍රාන්තයේ අයමා ප්‍රදේශයේ සිට උකුබියේ බලා යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාවෙහි හටගත් හදිසි කාර්‍මික දෝෂයක් හේතුවෙන් පෙරළී ගොස් ඇති බව එරට පොලිසිය පවසයි. දක්ෂිණ ඉජෝ දිස්ත්‍රික්කයේ ඔවෙයිකොරෝගා සහ ඔටුවාන් ප්‍රජාවන් අතර පිහිටි ගංගා මංසන්ධියේදී මෙම ඛේදවාචකය සිදුව තිබේ. නයිජීරියානු ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශක මන්සෝ එසෙකියෙල් සඳහන් කළේ මේ වන විට අනතුරට ලක්වූවන් 24 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවත්, අතුරුදන්වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රාදේශීය කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්‍ය. මුලින් ගොඩගත් සිරුරු අතර කුඩා දරුවන් දෙදෙනෙකුගේ සිරුරුද තිබූ බව පොලිසිය තහවුරු කළේය. අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයින් 24 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකු ප්‍රාදේශීය සායනයකද, බරපතළ තත්ත්වයේ පසුවූ පස්දෙනෙකු ප්‍රාන්ත අගනුවර රෝහලේදීද ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ සිටි නිශ්චිත මගීන් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, එහි අවම වශයෙන් පුද්ගලයින් 300 කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇති බව ප්‍රදේශවාසීන් 'රොයිටර්‍ස්' පුවත් සේවය වෙත පවසා තිබේ. අනතුර සිදුවීමත් සමඟ යාත්‍රාවේ රියදුරු පළාගොස් ඇති අතර, බෝට්ටුවේ කළමනාකරු පොලිස් භාරයට ගෙන ඇත.
99mobile