
බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවක්... ඉන්ධන රැස් කිරීමට ජනතාව බාල්දි, කෑන් රැගෙන කාණු දිගේ පොරකති
FM Heart · 1 min read
කොළඹ බ්ලූමැන්ඩල් ප්රදේශයේ පිහිටි ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) පෙරවරුවේ ඩීසල් ඉන්ධන කාන්දුවක් හටගෙන තිබේ. ඉන්ධන ගබඩා සංකීර්ණය තුළින් කාන්දු වූ ඩීසල්, පරිශ්රයේ අපවහන කාණු පද්ධතිය ඔස්සේ ප්රධාන මාර්ගය දෙසට ගලා ඒමත් සමඟ, අවට පදිංචිකරුවන් බාල්දි, බූලි සහ ප්ලාස්ටික් කෑන් රැගෙන එම ඉන්ධන එකතු කරගැනීම සඳහා කාණු අසලට එක්රොක් වී ඇත. මෙසේ එකතු වන ජනතාව දැඩි ලෙස විෂ සහිත ඉන්ධන වාෂ්ප ආශ්වාස කරමින් සහ සිදුවිය හැකි ගිනි උවදුර නොතකමින් ඉන්ධන එකතු කිරීමේ නිරත වන අයුරු දැකගත හැකි විය. නාගරික ජනාකීර්ණ කලාපයක කාණු පද්ධතියක් ඔස්සේ මෙලෙස ඉන්ධන ගලායාම ඉතා භයානක ගිනි උවදුරක් දක්වා වර්ධනය වීමේ දැඩි ප්රවණතාවක් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

