FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විවාහ මංගල උත්සවයකට ගොස් ත්‍රීරෝද රථයකින් එමින් සිටි පිරිසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිදෙනෙකු ඝාතනය කලැයි විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම.එක් විත්තිකරුවෙකු නඩුව අතරතුර මිය ගිහින්

FM Heart · 3 min read

The Heart Academy
විවාහ මංගල උත්සවයකදී ඇති වු ගැටුමක් දුර දිග යාමේදී මග රැක සිට මාර්‍ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට එම නිරෝද රථයේ ගමන් කල පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කල බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකු අතරින් නඩු විභාගය අතරතුර මිය ගොස් සිටි පලමු විත්තිකරු හැර දෙවන සහ තුන්වන විත්තිකරුවන් එකි චෝදනාවට වරදකරුවන් බවට ජූරි සභාව ඒකමතිකව තීන්දු කිරීමෙන් අනතුරුව එකී තීන්දුව සැලකිල්ලට ගත් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කර තිබෙනවා. පැමිණිලි පාර්‍ශ්වය වෙනුවෙන් නීතිපතිවරයාට නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ චමික ගුරුගේ මහතා පෙනී සිටින බවත් විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රංජන් මෙන්ඩිස් සහ ලලිත් දහනායක සහ සරත් ජයවර්‍ධන යන මහත්වරුන් පෙනී සිටින බවත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා පැවසුවේ මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කල බවට විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඈති බවට ජූරි සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඒ අනුව මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ වරදට විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන බවද මහාධිකරණ විනිසුරුවරයා පැවසුවා. 2003 වසරේ නොවැම්බර් මස 29 වන දින හෝ ඊට ආසන්න දිනයක අයුතු ජනරාශියක සමාජිකයින්ව සිටිමින් අවිස්සාවේල්ල මහාධිකරණ බල ප්‍රදේශයට අයත් බටංගලදී ත්‍රීරෝද රථයකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එම ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පරමානන්ද ශංකර් සහ ගෝවින්ද සාමි සෙල්වකුමාර් සහ සත්‍ය ශිවලින්ගමි රාජේන්ද්‍රන් යන තිදෙනා ඝාතනය කල බවටත් මුරැගයියා පෝල්‍රාජ් සහ නන්දන හතුරුසිංහ යන දෙදෙනාට තුවාල සිදු කල බවටත් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 113 සහ .317 වගන්ති යටතේ අවිස්සාවේල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා 11ක් ගොනු කර තිබුණා. පලමු විත්තිකාර එචි.එමි.සුසන්ත විමල් නැමැත්තා නඩු විභාගය අතරතුර මිය ගොස් තිබෙනවා. මෙසේ මරණ දඬුවම නියම වූයේ එල්. සුනිල් ශාන්ත සහ සිදමිබරමි සත්‍යශීලන් යන විත්තිකරුවන් වනවා. විශේෂඤ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන අජිත් තෙන්නකෝන් සහ ජේ.එමි.කේ.ලෝගානන්ද යන මහත්වරුන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් අට දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරැවන් ලෙස නම් කරනු ලැබ සිටියා. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයාට නියෝජනය කරමින් රජයේ අධිනීතීඥ චමික ගුරුගේ මහතා පෙනී සිටි අතර දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥවරැන් වන රංජන් මෙන්ඩිස් සහ ලලිත් දහනායක යන මහත්වරුන් ද තුන්වන විත්තිකරු වෙනුවෙන් නීතීඥ සරත් ජයවර්‍ධන මහතා පෙනී පෙනී සිටියා. මෙම නඩුවේ ලඝු නොවන මුලික විභාගය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විත්තිකරුවන්ට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අවිස්සාවේල්ල මහාධිකරණයට යොමු කොට තිබුණා. ඇහැලියගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්‍ශන මෙහෙයවනු ලැබුවා. .
99mobile