FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහජන උපයෝගිතා කොමිසම හිතූ හැටියට හැන්දෙන් බෙදාගෙන – විගණනයෙන් කියයි

FM Heart · 1 min read

The Heart Academy
අපිට බලය තියෙනවා – කොමිසම පවසයි භාණ්ඩාගාරයේ පූර්‍ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්‍යමණ්ඩලයට දීමනා වර්‍ග 07ක් යටතේ රුපියල් පන්කෝටි අනූහත්ලක්ෂ අනූනවදහස් හැටඑකක මුදලක් ඉකුත් වර්‍ෂයේ දී (2025) ගෙවා ඇති බව ජාතික විගණන කාර්‍යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්‍තාවක් මගින් අනාවරණය වී ඇත. එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ පූර්‍ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව කොමිෂන් සභාව විසින් ඉකුත් වර්‍ෂයේ (2025) අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්‍ය මණ්ඩලයේ වැටුප් වැඩිකර ගෙන තිබුණි. එම වැටුප් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට 34 සිට සියයට 145 දක්වා පරාසයක පැවැති බව ද විගණන වාර්‍තාවේ සඳහන් වෙයි. මේ පිළිබඳ කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කර ඇත්තේ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 12 (1) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ කාර්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සේවක සංඛ්‍යාව කළමනාකරණය, පාරිශ්‍රමික අනුපාත සහ වෙනත් ප්‍රතිලාභ තීරණය කිරීමේ අවසාන බලය කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවය. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූල විය යුතු බව විගණනය මගින් නිර්‍දේශ කර ඇත. ලලිත් චාමින්ද
99mobile