FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දේශගුණික බලපෑම් අවම කිරීමේ මුදල් මග හිටලා

FM Heart · 1 min read

The Heart Academy
දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතිය ආරම්භ කර වසර හතරක් ගතවී තිබුණ ද මෙකී ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ මුදලින් වැය කර ඇත්තේ සියයට 24.15 ප්‍රතිශතයක් බැව් ජාතික විගණන කාර්‍යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්‍තාවක් මගින් අනාවරණය වී ඇත. මෙකී ව්‍යාපෘතිය 2021 වර්‍ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කර තිබුණි. ව්‍යාපෘතිය සඳහා ඉකුත් වර්‍ෂය අවසන් වන විට රුපියල් මිලියන 23,100ක මුදලක් වෙන් කර තිබුණි. මෙම කාලයේ දී එම මුදලින් වැය කර ඇත්තේ රුපියල් මිලියන 5,578.33ක මුදලක් බව ද විගණන වාර්‍තාවේ සඳහන් වෙයි. ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහාය මෙහෙයුම් වාර්‍තාවට අනුව ව්‍යාපෘතියේ සමස්ත ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව ද එහි සඳහන්ව තිබුණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් මෙම වර්‍ෂයේ අවසන් කිරීමට සැලසුම් කර තිබුණද ව්‍යාපෘතියේ සමස්ත මූල්‍ය ප්‍රගතිය ඉතා පහළ මට්ටමක පැවැති බව ද විගණන වාර්‍තාවේ සඳහන් වෙයි. ලලිත් චාමින්ද
99mobile