FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජෝනියන්ස් කැරම් තරගාවලිය සාර්‍ථකව නිමාව දකී

FM Heart · 2 min read

The Heart Academy
නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ජෝනියන්ස් කැරම් සමාජය විසින් තෙදිනක් තිස්සේ පවත්වන ලද JOHNIANS SLICING CARROM CHAMPIANSHIP 2026 කැරම් තරගාවලිය ඉතා සාර්‍ථක අන්දමින් නිමාවට පත්විය. විදුහල් ශ්‍රවනාගාරයේදී පැවැති මෙම තරගාවලිය වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ 17 න් පහළ, 20න් පහළ කාණ්ඩ වශයෙන් පැවැත්විණි. ඒ සඳහා සිසු දරුවන් 400 ක සංඛ්‍යාවක් සහභාගි විය. මීට අමතරව විදුහලේ ආදි කැරම් ක්‍රීඩකයන් සහභාග වූ කැරම් යුගල තරග කීපයක් ද මෙහිදී පැවැත්විණි. එහිදී ජයග්‍රහණ අත්කරගත් ක්‍රීඩකයන්ට ඊයේ දිනයේ වටිනා සහතික පත්‍ර හා කුසලාන පිරිනමනු ලැබීය. මෙහිදී විදුහලේ කැරම් පුහුණුකාරිනියක වන කමලා වික්‍රමසිංහ මහත්මියට උපහාර තිලිණ ප්‍රදානය කිරීමක් ද සිදුවිය. මෙහිදී විදුහලේ කැරම් භාරව හිඳිමින් දරුවන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන ලද ගුරුවරුන් වූ නිර්‍මලා රත්නායක, වත්සලා, විජේරත්න, නයෝමි සහ දීපා හබරකඩ යන ගුරු මහත්ම – මහත්මීන්ගේ සේවාව අගය කරමින් සමරු තිලිණ ප්‍රදානය කිරීමක් ද සිදුකළේය. එසේම, විදුහලේ වත්මන් කැරම් භාර ආචාරිනී රොෂානි රුවි ගුරුතුමිය විසින් කරන මෙහෙවරද අගය කරමින් ඇයටද සමරු තිලිණයක් ප්‍රදානය කෙරිණි. කර්‍මාන්ත සංවර්‍ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න, සහකාර විදුහල්පති ඩබ්.ඩී. ජගත් කුමාර, විදුහලේ වත්මන් කැරම් පුහුණුකරු, විදුහලේ ආදි ශිෂ්‍ය මෙන්ම කැරම් ජාතික ශූර උදේශ් චන්දිම, විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දේවක පෙරේරා, ජෝනියන්ස් කැරම් සමාජයේ සභාපති රවී වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු මෙන්ම විදුහලේ ආදි ශිෂ්‍ය අනූෂ සමරනායක යන මහත්ම – මහත්මීන්ද, විදුහලේ ආදි ශිෂ්‍යයින් ද, දෙමාපියන්ද, ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයින් ද සහභාගි විය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
99mobile