
ජෙෆ් ගුණවර්‍ධනට විශිෂ්ට සේවා සම්මානයක්
FM Heart · 1 min read
රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටකරනු ලබන පුද්ගලයන්ගේ කැපවීම අගයමින් රාජකීය පදනම, ජාත්‍යන්තර කැනේඩියානු පදනම හා මෙහෙවර ජාත්‍යන්තර සමාජ සේවා පදනම එක්ව සංවිධානය කළ විශ්ව විභූෂණ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලා මිහිලක මැඳුරේදී පසුගියදා පැවැත්විණි. එහිදී තම දැනුම කුසලතා හා අද්දැකීම් තුළින් රටටක කරනු ලබන සේවය අගයමින් එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා කවුන්සල් ජෙනරාල් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්‍යාංශයේ හිටපු සභාපති, බන්ධනාගාර දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්‍ෂ හා තිලංකා හෝටල් පුද්ගලික සමාගමේ සභාපති ජෙෆ් ගුණවර්‍ධන මහතාට ජීවිතයේ එක් වරක් පමණ විශිෂ්ට සේවා සම්මානය පිරිනැමීම. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මනෝ විද්‍යා උපදේශක ආචාර්‍ය නන්දන පුෂ්පකුමාර එම සම්මානය පිරිනැමීය. මෙහෙවර ජාත්‍යන්තර සමාජ සේවා පදනමේ අධ්‍යක්‍ෂිකා චන්ද්‍රිකා ද සොයිසා, සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක උවිඳු කලහංස මුණසිංහ යන මහත්ම මහත්මීන්ද ඊට එක්විය.

