FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කඩුගන්නාව නාය අවදානම්

FM Heart · 1 min read

The Heart Academy
ඉදිරි දිනවල දී ඇද හැලෙන බව කියන අධික වර්‍ෂාපතනය හේතුවෙන් පහළ කඩුගන්නාවේ ගනේතැන්න සහ කඩුගන්නාව නගරය අතර දුම්‍රිය සහ මහා මාර්‍ගය අතර අක්කර පන්සීයක පමණ කොටස නාය යෑමේ දැඩි අවදානමක් පවතින බව භූ ගර්‍භ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි. එබැවින් මේ පිළිබඳ වහා අවධානය යොමුකර ඒ පිළිබඳව ඩ්‍රෝන විමර්‍ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ද මහාචාර්‍යවරයා අවධාරණය කරයි. එමගින් කෙටි කාලීනව සහ දිගු කාලීනව නාය යෑමේ සහ ගල් පෙරළීමේ දැඩි අවදානම සහිත කොටස් පිළිබඳ හඳුනාගත හැකි බව හෙතෙම පවසයි. මෙම ප්‍රදේශය හදිසියේ හෝ නාය ගියහොත් කොළඹ සහ මහනුවර අතර ප්‍රධාන සැපයුම් ගමන් මාර්‍ගය අවහිර වන බවත් මිනිස් ජීවිත සහ දේපළවලට ද දැඩි හානියක් සිදුවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. සමන්ති වීරසේකර
99mobile