FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඉරානයට ඉරෙහිව ඇමරිකාවට ඔත්තු බලනවා...

FM Heart · 2 min read

The Heart Academy
පාර්‍ලිමේන්තුවේ පැවති විවාදයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. කිසිදු විනිවිදභාවයකින් තොරව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ටෙන්ඩර් කැඳවීම් මුළුමනින්ම අත්හිටුවමින්, රුපියල් මිලියන 4,000ක (බිලියන 4ක) පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරය හකීම් මහතා මෙහිදී දැඩි දෝෂදර්‍ශනයට ලක් කළේය. "අධිරාජ්‍යවාදයට සහ අමෙරිකාවට විරුද්ධව ප්‍රසිද්ධියේ වේදිකාවල කෑගහපු අය, අද හොර රහසේම අමෙරිකානුවන්ට ඔත්තු සපයන තත්ත්වයට පත්වෙලා. ඊයේ පෙරේදා කිසිම ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ගුවන් යානා මිලදී ගන්න රුපියල් බිලියන හතරක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවා. මේක හදිසි මිලදී ගැනීමක් හැටියට අනුමත කරලා දෙන්න කියලා ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්‍ලිමේන්තු මුදල් කාරක සභාවට එක රැයකින් බලපෑම් කළා. මේ ගනුදෙනුව පිටුපස ඊශ්‍රායලයෙන් ලැබුණු කොමිස් සහ සන්තෝසම් කොපමණදැයි අප දන්නේ නැහැ," යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙම ඩ්‍රෝන යානා මිලදී ගැනීමේ සැබෑ අරමුණ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම නොව, ඉරානය සහ ඒ ආශ්‍රිත කලාපීය නාවික ගමනාගමනය නිරීක්ෂණය කරමින් අමෙරිකාවට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයීම බව ද රවුෆ් හකීම් මහතා සෘජුවම චෝදනා කළේය. "මේවා පාවිච්චි කරන්නේ ඉරානයට විරුද්ධව ඔත්තු බලන්නයි; ඒ මුහුදු කලාපයේ නෞකා ගමන් බිමන් හැසිරෙන්නේ කොහොමද කියලා බලා අමෙරිකාවට තොරතුරු සපයන්නයි. අපේ නිර්‍භීත නාවික හමුදාවයි ගුවන් හමුදාවයි අද පාවිච්චි කරන්නේ අනුන්ගේ යුද්ධවලට ඔත්තු බලන කුලීකරුවන්ගේ තත්ත්වයට ඇද දමමින්. මේ වගේ තුට්ටු දෙකේ ගනුදෙනු සහ භූ-දේශපාලනික කූට උපක්‍රමවලට ගිහින් රටේ ආරක්ෂාවත් විදේශ ප්‍රතිපත්තියත් හොම්බෙන් ඇනගන්න ලෑස්ති වෙන්න එපා," යැයි ඔහු අනතුරු ඇඟවීය. රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ ජාත්‍යන්තර මුහුදු මාර්‍ග ආරක්ෂා කිරීමේ අමෙරිකානු මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය මීට පෙර සිය නාවික හමුදා නෞකාවක් එම කලාපයට පිටත් කර යැවීමට තීරණය කළ අතර, ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම සිදුවීම සිහිපත් කළ හකීම් මහතා, කලාපීය ගැටුම් හමුවේ අමෙරිකාවට ඇති බිය නිසා අපේ හමුදා භටයන් අනතුරේ හෙළමින් ආණ්ඩුව දණින් වැටී කටයුතු කළ බව සඳහන් කළේය. එමෙන්ම වෙනිසියුලා අර්‍බුදය හමුවේ ආණ්ඩුව සහ ජාතික ජන බලවේගය අනුගමනය කළ දෙබිඩි ස්ථාවරය ද ඔහු උපහාසයට ලක් කළේය. වෙනිසියුලා ජනාධිපතිවරයා සම්බන්ධ සිදුවීමේදී නිල විදේශ අමාත්‍යාංශයට නිවේදනයක් නිකුත් කිරීමට කොන්ද පණ නොතිබූ බවත්, ඒ වෙනුවට පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයෙන් නිවේදන නිකුත් කරමින් ජනතාව මුළා කළ බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ මෙවැනි ප්‍රතිපත්ති විරහිත විදේශ පිළිවෙත් හමුවේ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවට ලක්ව ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
99mobile