FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශේක්ස්පියර්‍ගේ මැක්බත් සම්භාව්‍ය සාහිත්‍ය කලාව ඇයි?

FM Heart · 2 min read

The Heart Academy
‘මැක්බත්’ කියන්නේ මහාකවි විලියම් ශේක්ස්පියර්‍ගේ නාට්‍යයකට වන බව බොහෝ දෙනා දැන සිටිති. එය මුලින්ම වේදිකාගත වී ඇත්තේ 1606 වසරේදී ය; එංගලන්තයේ පළමු වන ජේම්ස් රජුගේ රාජසභාව අබියසදී ය. මේ ශෝකාන්ත රංගනයේ පෙළ, පූර්‍ණ සිංහල පරිවර්‍තනයක් ලෙස එළිදක්වා ඇත්තේ අහුන්ගල්ලේ අරුණතිලක නම් වූ බහුශ්‍රැත කවියා ය. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මේ පොත මුලින්ම එළිදකින්නේ 1974 වසරේදී ය. 2011 වසරේදී එහි දෙවන මුද්‍රණය එළිදකින්නේ ‘සරසවි’ ප්‍රකාශනයක් ලෙස ය. නූතන පාඨකයකු තුළ මේ කාලවකවානු පිළිබඳව – ඒ බොහෝ පැරණි ලෙස හැඟීයෑම හේතුකොටගෙන කිසියම් කුකුසක්, ප්‍රශ්නාර්‍ථයක් හටගැනීමට ද බැරි නැත. මැක්බත් නාට්‍යය මුලින්ම වේදිකාගත වී ඇත්තේ අවුරුදු 500 කට පෙර ය; මැක්බත් නාට්‍යයේ පෙළ, සිංහල භාෂාවෙන් එළිදැක ඇත්තේ ද අවුරුදු පනහකට ඉහතිනි. මේවා නූතනමානීව හඳුනාගත හැකි වන්නේ කෙසේ ද? එහෙත්… විශිෂ්ට කලානිර්‍මාණවලට, කලා කෘතිවලට ‘පැරණි’ යනුවෙන් නිශේධනාත්මක ලේබලයක් ඇලවීම අසීරු ය. හෝමර්‍ගේ ‘ඔඩිසි’ නම් වූ වීර කාව්‍ය පාදක කොට ද ‘ඔඩිසි’ නමින් දැවැන්ත සිනමා පටයක් නිර්‍මාණය කිරීම සඳහා, ක්‍රිස්ටෝපර් නෝලන් නම් වූ හොලිවුඩ් සිනමාවේදියා යොමු වන්නේත්, ඩොලර් බිලයන ගණනාවක් ඒ සඳහා වැයකෙරෙන්නේත් කවර නම් අරමුණක් සාක්ෂාත් කරගැනීමට ද? ඉන්දීය රුපියල් කෝටි 400 කට වැඩි ප්‍රමාණයක් වැයකරමින් ‘රාමායණ’ සිනමාපටය තිරයට ගෙන ඒමට ඉන්දියාව දැරූ උත්සාහයේ අරමුණ කුමක් නම් විය හැකි ද? ශේක්ස්පියර් ද තමාගේ නාට්‍යවල කතා වස්තුව, චරිත, අවස්ථා සපයා සොයා ගත්තේ හා ඉපැරණි නාට්‍ය සංස්කරණය කළේ ග්‍රීසිය, ඉතාලිය වැනි රටවල පුරාණ කතා ඇසුරෙනියි ප්‍රකට ය. එහිදී විශේෂයෙන් කැපී පෙනෙන
99mobile