FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සේද තිර සළු මුද්‍රණ කලාවේ ග්‍රන්ථ කලාව

FM Heart · 2 min read

The Heart Academy
බුලත්සිංහල මහගම ප්‍රදේශයේ ඉපිද, පොලේගොඩ මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සහ මතුගම සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හැදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශේෂ උපාධියක් ලබාගත් සුනෙත් ජයසුන්දර යනු ශ්‍රී ලංකීය මුද්‍රණ ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් සිදු කළ සම්මානනීය ලේඛකයෙකි. වර්‍තමානයේ ඔහු, ජපානයේ ටොටොරි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්‍ය උපාධියකට සූදානම් වෙමින් සිටින්නේය. පාරම්පරික දැනුමින් පමණක් ඉදිරියට ගිය තිර මුද්‍රණ (Screen Printing) ක්ෂේත්‍රයට විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක පදනමක් හඳුන්වාදීමේ අරමුණින් ඔහු රචනා කළ ග්‍රන්ථ අතරින් ‘සේද තිර සළු මුද්‍රණ කර්‍මාන්තයේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය’ නම් කෘතිය, 2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ස්වතන්ත්‍ර විවිධ විෂයක ග්‍රන්ථ කාණ්ඩය යටතේ සම සම්මානිත විය. එය තනි ලේඛකයෙකු ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව, තාක්ෂණික විෂයයක් සිංහල සාහිත්‍යයේ නිල ඇගයීමට ලක් වූ අවස්ථාවක් ලෙසද එය වැදගත්‍ය කිසිදු දිනෙක කිසිවකු විසින් ග්‍රන්ථගත නොකළ, පාරම්පරික ක්‍රමවලින් පමණක් පෝෂණය වූ තිර මුද්‍රණ ක්ෂේත්‍රය තුළ කිසිදු පූර්‍ව මාර්‍ගෝපදේශයකින් තොරව සිය ස්වයං අධ්‍යයනයෙන් හා දැඩි කැපවීමෙන් දැනුම ගොඩනඟා ගනිමින් ඔහු කළ මේ අපූරු නිර්‍මාණ උත්සාහය උඩුගම් බලා පිහිනා යෑමක් බඳුය. එමෙන්ම එය අභියෝගවලින් සපිරුණු ගමනකි. කිසිවෙකු එළිපෙහෙළි නොකළ නුහුරු මංපෙතත් තමන් විසින්ම එළිපෙහෙළි කරමින් ඔහු රචනා කළ සේද තිර සළු මුද්‍රණ කර්‍මාන්තයේ ජලීය මාධ්‍ය තීන්ත භාවිතය නම් කෘතිය ඇතුළුව තවත් පොත් කිහිපයකි. ක්ෂේත්‍රයකට විද්‍යාව ගෙන ඒම දිගු කලක් පුරා තිර මුද්‍රණ ක්ෂේත්‍රය ඉදිරියට ගියේ පාරම්පරික දැනුම මත පමණි. අත්දැකීමෙන් උරුම වූ ශිල්පීය ක්‍රම එහි ශක්තියක් වුවද, තීන්තවල රසායනික ස්වභාවය, මුද්‍රණයේදී ඇති වන ගැටලු වලට මූලික හේතු සහ ඒවාට දියහැකි නිවැරදි විසඳුම් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොතිබීම මෙම ක්ෂේත්‍රයේ විශාල හිඩැසක් විය. මෙම හිඩැස හඳුනාගත් සුනෙත් ජයසුන්දර, තිර මුද්‍රණයට විද්‍යාත්මක සහ රසායන විද්‍යාත්මක පදනමක් ලබාදීමේ අරමුණින් ලිවීමේ කාර්‍යයට අත ගැසීය. ඒ, ඔහුට ද එම ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටිය දී මුහුණ දෙන්නට සිදු වූ ගැටලු නිසාය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන කර්‍මාන්තය රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ක්ෂේත්‍රයකි. එහිදී තිර මුද්‍රණයට ලැබෙන්න්නේ අතිශය වැදගත් ස්ථානයකි. මෙරටින් අපනයනය කෙරෙනා ඇඟලුම්වලින් 80%කට වැඩි ප්‍රමාණයක විවිධ මුද්‍රණ නිර්‍මාණ අන්තර්‍ගත වේ. ඉන් අදහස් වන්නේ මෙම කර්‍මාන්තයේ ගුණාත්මකභාවය රට ලබන ආදායමට ඍජුව ම බලපාන බවය. එසේ වුවද, මෙම ක්ෂේත්‍රය පිළිබඳ නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් හෝ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්‍රන්ථයක් මීට පෙර නොතිබිණි. ක්ෂේත්‍රයේ ගැටලු මතු වූ අයට සිදු වූයේ ඉංග්‍රීසි
99mobile