
නිල් මැණික් වලින් ලෝකයම හෙල්ලූ ආසියාවේ හොඳම නිල් මැණික් සැපයුම්කරු ලංකාවේ…
FM Heart · 6 min read
මැණික් වලින් ගාන කපන අතරමැදියෝ ඉවරයි මහ පොළොවෙන් මතුවන මිණි කැටයකට උපරිම වටිනාකමක් මැණික් ව්‍යාපාරයේ නියැළෙන්නෙකුට, පතල්කරුවෙකුට ලබා දෙන්නේ කවුරුන්ද? එය මෙරට පමණක් නොව, මුළු ලෝකයේම මැණික් ව්‍යාපාරය හා බැඳුණු ගැටලුවකි. මහ පොළොව සමඟ හරි හරියට ඔට්ටු වී, තම ජීවිතයේ ආසාව අබමල් රේණුවකට පවා නොසලකමින් මැණික් සොයන්නකු (පතල්කරුවකු) ගන්නා උත්සාහයන් සියැසින්ම දැක ගැනීමට නම් මැණික් පතලකට යා යුතුමය. ඇත්තටම වාසනාවට හිමිවන මැණිකක සැබෑ වටිනාකම ඔවුන්ට හිමි නොවීම මෙරට මැණික් කර්මාන්තයේ නියැළෙන්නන් අධෛර්යයට පත් කරන්නකි. කොටින්ම අතරමැදියන්ගෙන් තොර මහ පොළොවෙන් තමාට ලැබෙන්නා වූ මිණි කැටයට හරි මිලක් ලැබේ නම් අපේ රටේ මැණික් කර්මාන්තකරුවා සිටිය යුත්තේ දියුණුවේ හිනිපෙත්තටම ගොසින්ය. ප්රශ්නය ඇත්තේද එතැනය. දැන් මේ සියලු ප්‍රශ්නවලට විසඳුමක් දෙන පුද්ගලයෙකු පසුගියදා අපට මුණගැසිණි. ඉතාම කුඩා තැනකින් පටන්ගෙන අද වන විට මැණික් ව්‍යාපාරයෙන් දකුණු ආසියාවම හොල්ලන සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ කතාව ඒ නිසාම ඔබ ඇසිය යුතුය. මේ ලංකාවේ නිල් මැණික් වලින් ආසියාවම හෙල්ලූ ලංකාවේ හොඳම නිල් මැණික් අලෙවිකරුවාය. මේ කතාව හිතලුවක් නොවේ. පසුගිය නොවැම්බර් 01දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ASIA POPULAR GRAND AWARDS සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ හොඳම නිල් මැණික් අලෙවිකරුවා ලෙස සම්මාන ලබන්නේ ඔවුන්ය. අපේ රට සියවස් ගණනාවක් පුරා ලෝකයේ වටිනාම මැණික් සම්පත් හිමි රටක් ලෙස විශේෂ ස්ථානයක් දිනා ගෙන සිටියි. නිල් මැණික්, රතු මැණික්, පුෂ්පරාග, කැට්ස්අයි, ඇලෙක්සැන්ඩ්‍රයිට්, ටූර්මලින් ඇතුළු වටිනා මැණික් විශේෂ රැසක් මෙරට පොළොවෙන් බිහිව ලෝකයේ ප්‍රධාන ස්වර්ණාභරණ වෙළෙඳපොළ වෙත ගමන් කරයි. එහෙත්, මෙතරම් වටිනා ස්වභාවික සම්පතක් හිමි රටක් වුවද, එම සම්පතෙන් උපරිම ආර්ථික ප්රතිලාභ ශ්‍රී ලංකාවට හිමිව තිබේ ද? වත්මන් ලෝක වෙළෙඳ පොළ තුළ තරගය සිදු වන්නේ අමුද්‍රව්‍ය අලෙවියෙන් නොව, එයට වටිනාකම් එකතු කර ඉහළ මිලක් සහිත නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමෙනි. ඒ සඳහා දක්ෂ පළපුරුදු පිරිසක් සිටිය යුතුය. විදෙස් වෙළෙඳපළ අවශ්‍යතා හඳුනාගත යුතුය. මේ යථාර්ථයද හඳුනාගෙන මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයද නව දිශාවකට ගෙන යෑමට පුළුල් වැඩපිළිවෙළක් ඔවුන් අරඹා තිබීම විශේෂත්වයක්ද වන්නේය. දැන් අප සිටින්නේ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ පිටුපස සිටින සුවිශේෂී පුද්ගලයෙකු ළඟය. ඔහු නමින් ටී. බී. චතුරංගය. හේ ජේ. එස්. ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනයේ අලෙවි කළමනාකාර තැනය. ඔහුට මැණික් කර්මාන්තය ගැන බොහෝ දේ කියන්නට ඇත. “මැණික් කර්මාන්තයේ මූලිකම හා වැදගත්ම අවස්ථාව තමයි පතල කියන්නේ. මැණිකක් බිහිවෙන්නේ එතැනින්. මැණිකක් මහ පොළොවෙන් මතුවන්නේ නිකන් නෙවෙයි මිනිසුන්ගේ දාඩියෙන් මහන්සියෙන්. ඒ වගේම හැමෝටම මැණික් වාසනාව නෑ. ඒකට පෙර පින තියෙන්න ඕන. අනික පතල්වල වැඩ කරන මිනිස්සු පුදුමාකාර වෙහෙසක් දුකක් තමයි විඳින්නේ. වාසනාව කියන්නේ ඉතාම දුර්ලභ දෙයක්. ඇත්තටම ඉතින් ඒ දුර්ලභ වාසනාවට නිසි වටිනා මිලක් තිබිය යුතුමයි. මොකද පතල් කරුවෝ කියන්නේ ඒ තරමට අපේ රටේ මැණික් කර්මාන්තයට වැදගත් මිනිස්සු. ඒත් අද ඔවුන්ගේ මහන්සියට කැපවීමට වටිනාකමක් මැණික් වෙළඳපොලේ තියනවාද කියන එක ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මැණික් හිමි වාසනාව ඇති තැනැත්තා හා මැණික් වෙළෙඳ පොළ අතර සිටින තැරැව්කරුවාගේ ප්රශ්නය. මේක අද මුළු මැණික් කර්මාන්තයටම ප්‍රශ්නයක්.” චතුරංග අපේ කතාවට ආරම්භයක් දුන්නේ අද වන විට මැණික් පතල්කරුවන් හා මැණික් හිමිකරුවන් මුහුණ දී ඇති උභතෝකෝටික ප්‍රශ්න වලින් එකකි. “මට හැඟෙන්නේ ආසියාවේ හොඳම මැණික් සැපයුම්කරු ලෙස සම්මානයට පාත්රවීම මුළු මහත් දේශීය මැණික් සැපයුම්කරුවන් ම ලබපු ජයග්‍රහණයක් හැටියටයි. මොකද මේක අපේ රටට පමණක් නොව ජාත්‍යන්තරය දක්වාම අපේ රටේ මැණික් කර්මාන්තය ගැන සුබවාදී පණිවිඩයක් රැගෙන ගිය එකක්. මේ සම්මානය අපට ලැබෙන්නේ ගොඩක් දේශීය මැණික් අපනයනය කරන්නන් හා තවත් ක්ෂේත්රයන් රැසක කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියටයි.” අපි ඔහුගේ කතාවට මඳ විරාමයක් දුන්නෙමු. රත්නපුර රත්නාලෝක යනු මෙරට මැණික් වෙළෙඳ පළේ බොහෝ කලක සිට ඇසෙන සුවිශේෂී පුද්ගල නාමයකි. අද වන විට මැණික් කර්මාන්තයේ පෙරළිකාර චරිතයක් බවට පත්ව සිටින අප කතා නායකයාද රත්නපුරේ රත්නාලෝක මැණික් මුදලාලිගේ ගෝලබාලයෙකි. චතුරංග අප හා කියන පරිදි අද වන විට සාර්ථක මැණික් ව්‍යාපාරයක අඩිතාලම දමන්නට මුල්ගුරු හුරුකම් ලබා දෙන්නේද රත්නපුරේ රත්නාලෝක මුදලාලිය. ඒ ගැන චතුරංග කරන අතීත ආවර්ජනය රසවත්ය. “මමත් අප ආයතනයේ අධ්යක්ෂතුමාත් මේ මැණික් ක්ෂේත්රයට අත්පොත් තබන්නේ රත්නපුර නගරයෙන්. ඒක මීට වසර ගණනාවකට එහා අතීතයට යන කතාවක්. අපි දෙන්නා ඇලහැර රත්නපුර බලා හැමදාම උදේ පාන්දර පිටත් වෙන්නේ මැණික් මිලදී ගන්නයි. එහි ගියාම අපගේ මැණික් ගුරුවරයා වන්නේ රත්නාලෝක මුදලාලි. ඔහු මැණික් ක්ෂේත්රයේ සුවිශේෂී චරිතයක්. විශාල අත්දැකීම් සම්භාරයකින් හෙබි විශිෂ්ට මැණික් මිලදී ගන්නෙක්. ඔහුගේ හසල දැනුම එහි ගිය අප දෙදෙනාවම දක්ෂ මැණික් කරුවන් බවට පත්කළා.” චතුරංග අතීතය මෙනෙහි කරන්නේ සතොස් සිතිණි. එදා සිට මේ දක්වා තමන් හා ආයතනය පැමිණි ගමන්මගේ ජයග්‍රහණය පිටුපස එහි සභාපතිවරයා වන එස්. එස්. සී. රුද්‍රිගු අමතක නොකරන්නට චතුරංග වගබලා ගත්තේය. අප ඒ කතාවද අසා සිටියෙමු. “අපි ලබපු හැම ජයග්‍රහණයකම පිටුපසින් සිටින්නේ අප ආයතනයේ අධ්යක්ෂ එස්. එස්. සී. රුද්‍රිගු මහතායි. එතුමාගේ නොමඳ කැපවීම, දායකත්වය සමඟ තමයි අපි අද ජයග්‍රාහී සන්ධිස්ථානයකට ඇවිත් තියෙන්නේ.” අපේ රට ඈත අතීතයේ සිටම මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳාමටද ප්‍රසිද්ධියක් උසුලන රටකි. එහි මැණික් කැපීමේ හා ස්වර්ණාභරණ නිෂ්පාදනයේ අති දක්ෂයන් ද සිටී. විදේශයන්හි කෞතුකාගාරවල තිබෙන අපගේ පැරණි ස්වර්ණාභරණ මංජුසා, කඩු කස්ථාන සහ රන්, රිදී ලෝහයන්ගෙන් කරන ලද ඇස් මවිත කරන තරමේ විශිෂ්ට නිපැයුම් මේ කතාවට සාක්ෂි දරන්නේය. එවන් එදා සිටි දක්ෂ නිර්මාණකරුවන්ගෙන් පැවත එන පරම්පරාවන් අදටත් මැණික් කැපීමේ හා ස්වර්ණාභරණ නිර්මාණයන්ගෙන් ලොවම මවිත කරවන්නේය. කොටින්ම අපේ මුදල් පිටරටට ඇදී යා නොදී අපේම කියා අපේම මැණික් වලින් ස්වර්ණාභරණ හැදීමත්, මැණික් පිළිබඳව විශ්වාසය තහවුරු කළ හැකි පරිදි නව නිපැයුම් තැනීමටත් මේ විශිෂ්ට ජයග්‍රාහකයා සමත් වී අවසානය. මේ ඒ ගැන එහි ස්වර්ණාභරණ විලාසිතා කටයුතු භාරව සිටින ලේකම්ලාගේ හර්ෂණී මහත්මිය කියන කතාව ය. “නවීන විලාසිතාවන්ට හා රුචිකත්වයට අනුව ස්වර්ණාභරණ නිෂ්පාදන සිදුකිරීම අතින් පවා අපි ඉදිරියෙන් සිටින්නේ. මොකද වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ පිරිස භාවිත කරන ආභරණවලට වඩා වයස අවුරුදු 40ත් 50ත් අතර පිරිස භාවිත කරන ආභරණ වෙනස්. ඒ නිසා ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී විවිධ වයස් මට්ටමට ගැළපෙන ආකාරයට විලාසිතාවන් නිර්මාණය කරනවා. අලුත් පරම්පරාව නිතරම බලාපොරොත්තු වෙන්නේ සැහැල්ලු විලාසිතාවෙන් යුත් ආභරණවලට. මේ සඳහා ඉතා වටිනා මැණික් භාවිතා කරන්නත්, ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවයට අනුව ස්වර්ණාභරණ නිර්මාණය කරන්නත් අද අපට හැකිවෙලා තියෙන්නේ ඒකටම කියලා හොඳ මැණික් අපට සපයා ගැනීමට හැකිවීම තුළයි. අපි දේශීය වෙළඳපොළට වගේම ජාත්‍යන්තර වෙළඳපළටත් ආභරණ නිර්මාණය කරනවා. ඉස්සර වැඩි වශයෙන්ම ආභරණ පැළඳුවේ වැඩිහිටි පුද්ගලයන්. දැන් ඒ තත්ත්වයන් තරමක් දුරට වෙනස් වෙලා. අපේ ඉලක්කය තමයි සෑම තරුණ තරුණියක්ම විලාසිතාවකින් සැරසී සිටිනු දැකීම.” ඇය එසේ කීවාය. වසර පහක් වැනි කෙටි කාලයක් තුළ තමන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක ප්‍රතිඵලත් එදා සිට මේ දක්වා පැමිණි ගමන් මග ඔවුන් සිහිපත් කරන්නේ නිරහංකාර සතුටකින් යුත්තවය. ඔවුන් අද වන විට ලෝකේ වටිනාම නිල් මැණික් (Blue Sapphires) අලෙවිකරුවන් වී හමාරය. කොටින්ම මැණික් ව්‍යාපාරිකයන්ට මෙතෙක් හිසරදයක් වූ අතරමැදියන්ගෙන් තොරව මැණික් මිලදීගෙන, ඒවාට උපරිම වටිනාකමක් දෙමින් මෙරට මැණික් කර්මාන්තයේ අලුත් පරිච්ඡේදයක් පෙරළන්නට ඔවුන් සමත් වී තිබීම ඇත්තකි. තමීර අක්කරවත්ත හසිත අඹතැන්න

