
මන්ත්‍රීවරයෙක් ධීවරයෙකුට පිහියෙන් ගහයි...
FM Heart · 1 min read
අනුරාධපුර විශේෂ වාර්‍තාකරු පර්‍සි කුරුනේරු මහතා වාර්‍තා කර ඇති පරිදි, කලාවැව විජිතපුර දුම්‍රිය ස්ථාන මාර්‍ගයේ පිහිටි සැකකාර විපක්ෂ නායකවරයාගේ නිවසේ රැඳී සිටියදී පෙරේදා (12) රාත්‍රී 7.00ට පමණ ඉපලෝගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මෙම පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කලාවැව ජලාශයේ ධීවර කාර්‍මිකයෙකු මෙන්ම විජිතපුර මාර්‍ග සංවර්‍ධන අධිකාරී කාර්‍යාලයේ තාවකාලික කම්කරුවෙකු වශයෙන් කටයුතු කරන තිස්හතර හැවිරිදි ඩී. එම්. අමිත් ලක්මාල් නැමැති අයෙකි. ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියි. පොලිස් විමර්‍ශනවලට අනුව, ඉකුත් 11 වැනිදා රාත්‍රී කාලයේදී දෙපාර්‍ශ්වය අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. තුවාලකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් පොලිසිය මඟින් කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ඉපලෝගම පොලිසිය, රෝහලේදී තුවාලකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එහිදී පෞද්ගලික කරුණක් මත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා තමන්ගේ හිසට පිහියකින් පහරදුන් බවට තුවාලකරු සාක්ෂි ලබා දී ඇති අතර, ඒ අනුව සැකකරු වහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

