FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තලවකැලේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් විශාල පිරිසකට තුවාල!

FM Heart · 1 min read

The Heart Academy
නුවරඒළිය තලවකැලේ නානුඔය වටරවුම් මාර්‍ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් (14) දින උදෑසන 11:00ට පමන සිදු වූ අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය. මෙසේ අනතුරට පත් වී ඇත්තේ කොළඹ සිට නුවරඒළිය දක්වා සංචාරය සදහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් බවයි නානුඔය පොලිසිය කියා සිටියේ. අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගෙ තත්වය බරපල නොවන බවයි නානුඔය පොලිසිය කියා සිටියේ. අනතුරින් තුවාල ලැබුවන් 1990 සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් ඒක්ව රෝහල්ගත කර ඇත. අනතුරට හේතුව බස්‍රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරින් බස් රථ දෙකටම හානි සිදු වීඇති බව නානුඔය පොලිසිය පැවසීය. රංජිත් රාජපක්ෂ
99mobile