FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමරිකාවේ සියළු ගුවන් ගමන් අත්හිටුවයි...

FM Heart · 2 min read

The Heart Academy
ගුවන් ගමන් තොරතුරු නිරීක්ෂණය කරන 'FlightAware' ආයතනයේ දත්තයන්ට අනුව, මෙම පද්ධති බිඳවැටීමත් සමඟ සිකුරාදා දිනය තුළ පමණක් අමෙරිකාවේ ගුවන් ගමන් වාර 5,000 කට අධික ප්‍රමාණයක් සම්පූර්‍ණයෙන්ම අවලංගු කිරීමට සිදුව තිබේ. ඊට අමතරව තවත් ගුවන් ගමන් 10,000 කට අධික සංඛ්‍යාවක් දැඩි ප්‍රමාදයන්ට ලක්ව ඇත. ඊට පෙර දින ද (බ්‍රහස්පතින්දා) ගුවන් ගමන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබූ පසුබිමක මෙම අර්‍බුදය නිර්‍මාණය වීම හේතුවෙන් සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයම දැඩි අර්‍බුදයකට ලක් විය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අමෙරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි සඳහන් කළේ, ගුවන් පාලන පද්ධතියේ භාවිත වන පැරණි තාක්ෂණික උපාංගවල ඇතිවූ අධික තදබදය හෙවත් අධිභාරය මෙම බිඳවැටීමට මූලික හේතුව වී ඇති බවයි. දිගු කලක් භාවිත කරන ලද පැරණි රවුටර සහ ස්විච ආශ්‍රිතව මෙම කාර්‍මික දෝෂය හටගෙන ඇති බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, මෙය කිසිදු ආකාරයක සයිබර් ප්‍රහාරයක් නොවන බව එම මාධ්‍ය හමුවට එක්වූ අභ්‍යන්තර ආරක්ෂක ලේකම් මාක්වේන් මුලින් ප්‍රකාශ කර සිටියේය. Air Route Traffic Control Centers වෙත මෙම ගැටලුව සෘජුව බලපා තිබූ බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහවුරු කළේය. මේ අතර, FAA ආයතනය විසින් මෑතකදී හඳුන්වා දීමට කටයුතු කළ ‘SMART’ නැමැති කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංග පද්ධතිය මෙම බිඳවැටීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව එම පද්ධතිය නිර්‍මාණය කළ ‘Air Space Intelligence’ සමාගම තහවුරු කර තිබේ.
99mobile