FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වන අලි පැන ගම්මානයක් වනසයි... නිවාස බිමට පෙරලයි..

FM Heart · 2 min read

The Heart Academy
ප්‍රහාරයෙන් තම නිවස මුළුමනින්ම විනාශ වී අසරණ වූ අංක 198 දරන නිවසේ පදිංචි ඒ.ඩබ්ලිව්.ජී. බිසෝ මැණිකේ මහත්මිය සිද්ධිය විස්තර කළේ දැඩි කම්පනයෙනි: "මගේ ගෙදර ජීවත් වෙන්නේ මමයි පුතයි විතරයි. එදා රෑ පුතා ගෙදර හිටියේ නැහැ. රාත්‍රී 11.00ට විතර බිත්තියට කවුරුහරි ගහනවා වගේ දැඩි ශබ්දයක් ඇසුණා. මම බිත්තිය ළඟට යනකොටම වන අලියා බිත්තිය පෙරළන්න පටන් ගත්තා. මම වහාම අනිත් කාමරයට දිව ගියත්, අලියා ඒ බිත්තියත් කඩා දැමුවා. ඌ සෙව්වේ ගේ ඇතුළේ තිබුණු වී අස්වැන්නයි. අන්තිමේදී මම අනූනවයෙන් නිවසින් පැනලා දුවලා පහළ ආරණ්‍යයට ගිහින් තමයි රෑ එළිවන තුරු ජීවිතය බේරාගත්තේ. පසුදා උදෑසන ඇවිත් බලද්දී නිවසේ සිව්පස බිත්තිම කඩලා, ගෙදර තිබුණු සියලු බඩුමුට්ටු සුන්බුන්වලට යටවෙලා විනාශ වෙලා තිබුණා. වී මලු හතරක්ම අලියා කාලා විනාශ කරලා. හොඳ වෙලාවට පුතා ගෙදර නොසිටියේ; ඔහු සිටියා නම් අලියා එළවන්න ගිහින් ජීවිතය පවා අහිමි වෙන්න තිබුණා. දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම් ටික විතරයි. අපේ මේ විනාශයට වගකියන්නේ කවුද? වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් ආවේ නැහැ. මේ කඩා වැටුණු නිවස යළි හදාගන්නේ කෙසේද කියා සිතාගන්නවත් බැහැ." හානියට පත් අංක 185 දරන නිවසේ පදිංචි ඩී.එම්. සිරි කුමාරි මහත්මිය වනජීවී නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව මෙසේ චෝදනා කළාය: "රාත්‍රී 11.30ත් 12.00ත් අතර කාලයේ අලියා ඇවිත් අපේ නිවසේ බිත්තියට පහර දුන්නා. අපි කෑගැසුවත් ඌ පළා ගියේ නැහැ. ඒ අවස්ථාවේදීම මහියංගණය වනජීවී කාර්‍යාලයට කතා කළාම ඔවුන් කිව්වේ අලි පලවා හැරීමේ කණ්ඩායමක් පිටත් කර ඇති බවයි. නමුත් ලබා දුන් දුරකථන අංක කිසිවක් ක්‍රියා කළේ නැහැ. කිසිදු නිලධාරියෙක් එම අවස්ථාවේ පැමිණියේත් නැහැ. පසුව අපට දැනගන්න ලැබුණා අලි එළවන්න ආපු කණ්ඩායම මේ ආසන්නයට පැමිණ සාදයක් දමා ආපසු ගොස් ඇති බව. බලධාරීන් මේ සෙල්ලම් කරන්නේ අහිංසක ගැමියන්ගේ ජීවිත සමඟයි." අදාළ වන අලියා පෙර දින දහවල් කාලයේ බෙලගන්වැව ප්‍රදේශයේ සැරිසරා ඇති අතර, ඌ රාත්‍රියේදී ගම්මානයට කඩා වැදීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන්ට කල්තියා දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොතිබූ බව ගම්වාසීහු පෙන්වා දෙති.
99mobile