
අධ්‍යාපනයට අයවැයෙන් 48%ක් වැඩි කලා.. එය ඉතිහාසයේ වැඩිම මුදලයි..- කුමාර ජයකොඩි
FM Heart · 1 min read
තම නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙන් තබන ලද වඩාත්ම විශ්වසනීය පියවර මෙය බවයි. එමෙන්ම, 2023 වසරට සාපේක්ෂව 2027 අයවැය වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් සියයට 48.6 කින් (48.6%) ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත්, එමඟින් රටේ දරුවන්ට ගුණාත්මක මෙන්ම සමබර අධ්‍යාපන පද්ධතියක් උරුම කර දීමට රජය සතු දැක්ම සහ නොසැලෙන කැපවීම මනාව පැහැදිලි වන බවත් ඔහු අවධාරණය කර සිටී. "අධ්‍යාපනය කියන්නේ අත්තටු... අත්තටු ලැබුණු දරුවන්ට මුළු ලෝකයම ජය ගන්න පුළුවන්" යනුවෙන් පවසන ඒ මහතා, හෙට දිනයේ ලෝකය ජයගන්නා බුද්ධිමත් පරපුරක් නිර්‍මාණය කිරීම වෙනුවෙන් රටකට කළ හැකි වටිනාම ආයෝජනය අධ්‍යාපනය බව ද සිය සටහන මඟින් වැඩිදුරටත් සිහිපත් කර තිබේ.

