FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කතානායකට තවත් විශ්වාස භංගයක්... මෙවර චෝදනා හැටයි..

FM Heart · 1 min read

The Heart Academy
දැනට පැවැත්වෙන අයවැය විවාදය නිමාවීමෙන් පසු එළැඹෙන ජනවාරි මාසයේදී මෙම නව යෝජනාව පාර්‍ලිමේන්තුවට නිල වශයෙන් භාරදීමට විපක්ෂය අපේක්ෂා කරයි. මීට ඉහතදී කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඊට හේතු දක්වමින් ආණ්ඩු පක්ෂය පෙන්වා දී තිබුණේ, අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි කරුණු කිහිපයක් අදාළ යෝජනාවට ඇතුළත්ව ඇති බවයි. කෙසේ වෙතත්, එවැනි අධිකරණ කටයුතුවලට අදාළ වන හෝ නෛතික ගැටලු මතු වන කිසිදු කරුණක් එහි අන්තර්‍ගත නොවන බව පවසන විපක්ෂය, ආණ්ඩු පක්ෂයේ එම තර්‍කය සම්පූර්‍ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
99mobile