
ඉන්ධන, ගෑස් සමාගම් මිල වැඩි කරන්නේ ගිය ආණ්ඩුවල වරදින්.. අපට පාලනය කරන්න බෑ...
FM Heart · 2 min read
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී ඉන්ධන සහ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම රජය සතු සමාගම් හරහා මහජන සුබසාධනය මුල් කරගනිමින් ක්‍රියාත්මක වූ බවයි. එහෙත් පසුගිය පාලකයන් විසින් "තරගකාරී වෙළෙඳපොළක් බිහිවීමෙන් මිල අඩු වන බවට" ව්‍යාජ තර්ක සමාජගත කරමින් රාජ්‍ය සම්පත් විකිණීමට පාර කපාගත් බවට ඔහු චෝදනා කළේය. එම ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වූ පුද්ගලික සමාගම්වලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නීතිමය ඉඩකඩ ලැබී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේම ගෘහස්ථ ගෑස් ක්ෂේත්රයේ ද වෙළෙඳපොළෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික සමාගමක් වෙත පැවරීම නිසා බරපතළ අර්බුදයක් හටගෙන ඇති බව පැවසූ ඒ මහතා, එම සමාගම අතීත ගිවිසුම්වලින් ලැබී ඇති බලතල උපයෝගී කරගනිමින් හිතුමතේ මිල ඉහළ දැමීම සහ වෙළෙඳපොළට ගෑස් සැපයීම සීමා කිරීම සිදුකරන බව සඳහන් කළේය. පුද්ගලික සමාගම සිය වගකීම් පැහැරහරින අවස්ථාවලදී පවා, පාරිභෝගිකයන් දෙපාර්ශ්වයේම අවශ්‍යතා සපුරාලමින් අමතර පීඩනයක් දරා ගැනීමට රජයට අයත් ලිත්රෝ ගෑස් සමාගමට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කළේය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී පවා මහජනතාව ආරක්ෂා කරගැනීම උදෙසා මහා භාණ්ඩාගාරයෙන් තෙල් සංස්ථාවට මූල්‍ය ප්‍රතිපාදන සපයමින් රජය මිල පාලනය කිරීමට පියවර ගත් බව සූරියආරච්චි මහතා සිහිපත් කළේය. එසේ වුවද, පෙර ආණ්ඩු විසින් ඇතිකර තිබෙන නීතිමය ගිවිසුම් හේතුවෙන් ගෑස් සමාගම්වල අත්තනෝමතික ක්‍රියා හමුවේ පියවර ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශයට පවා බාධා එල්ල වී ඇති බව ඔහු කියා සිටියේය. රටේ සමස්ත ආර්ථිකයම පසුගිය පාලකයන් විසින් මෙලෙස 'පඹ ගාලක' පටලවා ඇති බවත්, එම ගැටලු ක්‍රමානුකූලව සහ නීත්‍යානුකූලව විසඳමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය කැපවී සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

