FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් විශාල පිරිසකට තුවාල...

FM Heart · 1 min read

The Heart Academy
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කොළඹ සිට නුවරඒළිය දක්වා සංචාරය සදහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් බවයි නානුඔය පොලිසිය කියා සිටියේ. අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගෙ තත්වය බරපල නොවන බවයි නානුඔය පොලිසිය කියා සිටියේ. අනතුරින් තුවාල ලැබුවන් 1990 සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් ඒක්ව රෝහල්ගත කර ඇත. අනතුරට හේතුව බස්‍රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරින් බස් රථ දෙකටම හානි සිදු වීඇති බව නානුඔය පොලිසිය පැවසීය.
99mobile