
රිමාන්ඩ් කර සිටි හිටපු ලොක්කෙක් වැලිකඩදී මියයයි
FM Heart · 1 min read
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සමුපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට 78 වන වියේ පසුවූ ඒ මහතා කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය නොවැම්බර් 11 වැනිදා රාත්‍රී කාලයේදී මෙම මරණය සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව සනාථ කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, අදාළ සැකකරු බන්ධනාගාරය තුළදී හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ඔහු පෙළුණු හදිසි රෝගී තත්ත්වය කවරේද යන්න හෝ මරණයට හේතුවූ නිශ්චිත කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්‍තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

