
පොලිසිය කස්සප හිමි උස්සන් යයි..
FM Heart · 2 min read
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ යෝජිත ගැසට් පත්‍රය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලකරමින් උන්වහන්සේලා මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි. අද දිනයේදී තවත් පාර්ශ්වයක් එම විරෝධතා භූමියට පැමිණීමත් සමඟ දෙපිරිස අතර දැඩි නොසන්සුන්තාවක් සහ ගැටුම්කාරී වාතාවරණයක් හටගත්තේය. උපවාසයේ නිරතව සිටි අට්ටාලයට ද හානි සිදුව ඇති බව වාර්තා වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී උපවාසයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන් නමක් මෙලෙස පොලිස් යටතට ගෙන ඇත. රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ආශ්රිත පූජා භූමිය තුළ සැදැහැවතුන්ට බාධා වන අයුරින් තාවකාලික කූඩාරම් ඉදිකරමින් රැඳී සිටීම වළක්වමින් සහ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස වෙත නියෝගයක් ද නිකුත් කර තිබිණි. එහෙත් එම නියෝග නොතකා උන්වහන්සේලා විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන ගියහ. මීට අමතරව, ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 11 වැනිදා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ අතර, මීට පෙර කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය තමන්ට පහරදුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය (CCD) මඟින් ද උන්වහන්සේ වෙත නොතීසි නිකුත් කර තිබිණි

