FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පුතු බේරුණ සතුටට අනෝජන්ගේ මව-පියා ජනපති හමුවී හඬා වැටෙති...

FM Heart · 1 min read

The Heart Academy
එම හමුවේදී සිවරාසා මහතාගේ මවුපියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා, ලෝකයේ කුමන රටක විසුව ද විපතට පත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම රාජ්‍ය නායකයා ලෙස තම පරම වගකීමක් බව අවධාරණය කළේය. මරණයේ මුවවිට සිටි ශ්‍රී ලාංකික තරුණයා බේරාගැනීම සඳහා සහයෝගය ලබා දුන් සෞදි අරාබි රාජ්‍යයට සිය විශේෂ කෘතඥතාව පළ කළ ජනාධිපතිවරයා, මේ වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම ජාති, ආගම් හෝ පක්ෂ පාට භේදයකින් තොරව හඬනැඟූ සියලු පාර්‍ශ්වයන් වෙත සිය ප්‍රසාදය පළ කළේය. මෙම සාමූහික ප්‍රයත්නයේ සාර්‍ථකත්වය සමස්ත රටක් ලෙස එක්ව අත්පත් කරගත් මානුෂීය ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා නමැති තරුණයාට එරටදී ආගමික අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබිණි. කෙසේ වෙතත්, ඔහු මරණ දඬුවමින් බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, තානාපති කාර්‍යාල නිලධාරීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් දීර්‍ඝ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය සටනක නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ දඬුවම ඇතුළු සියලු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට සෞදි අධිකරණය මෑතකදී නියෝග කළේය.
99mobile