
රුපියල් කෝටි 60කට අධික ව වටිනා නීති විරෝධී දුම්වැටි සහිත බහාලුමක් අත්අඩංගුවට
FM Heart · 1 min read
රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි සහිත බහාලුමක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බහාලුම් අංගනයකදී මෙම දුම්වැටි සහිත බහාලුම බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (10වැනිදා) bඅත්අඩංගුවට ගන්නා ලදී. ඩුබායි රාජ්‍යයේ සිට මෙම දුම්වැටි සහිත බහාලුම මෙරටට ගෙන්වා ඇති අතර ඒ තුළ තිබූ රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි ලක්ෂ 57ක් පමණ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ජාඇල හා කටුගස්තොට ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (11වැනිදා) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරිි ඉන්දික ධර්මරත්න මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් ii පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් 73086 අනුරාධ, පොලිස් කොස්තාපල් 11713 අනුරාධ, පොලිස් කොස්තාපල් 26536 නිමල්, පොලිස් කොස්තාපල් 100486 නුවරංග, පොලිස් කොස්තාපල් 9055 සංජීව යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

