FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වසර 30ක් අල්ලාගෙන සිටි යාපනයේ ගොඩනැගිලි තොගයක් හිමිකරුවන්ට ආපසු දෙන්න ඩග්ලස් දේවානන්ද අධිකරණයේදී පොරොන්දු වේ..

FM Heart · 1 min read

The Heart Academy
අදාළ වෙළෙඳසැල්වල නීත්‍යානුකූල හිමිකරුවන් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ අවස්ථාවේදී, යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඩග්ලස් දේවානන්ද මහතා මෑතකදී මෙම ප්‍රතිඥාව ලබාදී තිබේ. යාපනය ස්ටැන්ලි පාරේ, ශ්‍රීධර් සිනමාහල ඉදිරිපිට පිහිටි සාප්පු සංකීර්‍ණයක පිහිටි මෙම වාණිජ පරිශ්‍රය, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සිය කැමැත්තට එරෙහිව දේවානන්ද මහතා බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි බවට හිමිකරුවෝ චෝදනා කළහ. 2015 වසරේදී මෙම දේපොළ ආපසු ලබාදෙන බවට ඔහු පොරොන්දු වී තිබුණ ද, එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් හිමිකරුවන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. තමන් සතුව පැවති පාර්‍ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ අමාත්‍ය බලතල උපයෝගී කරගනිමින් ඔහු මෙම දේපොළ දිගින් දිගටම සිය ග්‍රහණයේ තබාගෙන සිටි බව ද අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. නඩු විභාගයේදී අදාළ දේපොළවල සැබෑ අයිතිය පැමිණිලිකරුවන්ට හිමි බව පිළිගත් හිටපු අමාත්‍යවරයා, පරිශ්‍රය හිස් කර භාරදීම සඳහා වසර තුනක (03) කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් දේපොළ හිමිකරුවන්ගේ නීතිඥවරුන් ඊට දැඩි විරෝධය පළ කිරීම නිසා, අවසානයේ ඉදිරි මාස 18ක් ඇතුළත එම ස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වී නීත්‍යානුකූල හිමිකරුවන්ට භාරදීමට දේවානන්ද මහතා එකඟතාව පළ කළේය.
99mobile