
2026 මුල් මාස හයට විදෙස් ණය ඩොලර් මිලියන 913ක් අරන්..
FM Heart · 1 min read
මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ‘වර්‍ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්‍තාවට’ අනුව, මෙලෙස ලබාගත් සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 77ක පමණ අතිමහත් බහුතරයක් වෙන් කර ඇත්තේ මෙරට අයවැය පරතරය පියවා ගැනීමේ සහාය වෙනුවෙනි. වාර්‍තාවට අනුව, මෙරටට ලැබුණු සමස්ත විදේශ ණය අතුරින් ඉහළම දායකත්වය ලැබී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක ‘විස්තීර්‍ණ අරමුදල් පහසුකම’ (EFF) යටතේ හිමි වූ වාරික මුදල් ඊට ඇතුළත් වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 695.14කි. එය මුල් මාස හයේදී ලබාගත් මුළු විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 76.1ක ප්‍රතිශතයකි. මීට අමතරව දෙවැනියට වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ ලෝක බැංකුව විසිනි. එම මුදල ඩොලර් මිලියන 96.3ක් (10.5%) වන අතර, ආසියානු සංවර්‍ධන බැංකුව (ADB) මඟින් ඩොලර් මිලියන 66.32ක (7.3%) ණය මුදලක් ලබාදී ඇත

