FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වකුගඩු දෙකම අක්‍රිය දෙදරු මව ඔබෙන් ජීවිතය ඉල්ලයි

FM Heart · 1 min read

The Heart Academy
වකුගඩු දෙකම අක්‍රිය වී දරුණු ලෙස රෝගී තත්ත්වයෙන් පෙළෙන පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකු සිටින වාරියපොළ ඉන්ද්‍රලතා සෙනවිරත්න මව (50) සුවපත් කරගැනීමට පිහිටවන මෙන් පසල් අධ්‍යාපනය ලබන අවු. 7ක බාල දියණිය සහ අවු. 16 වැඩිමල් පුතු යන දරුවන් දෙදෙනා ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරති. මෙම දෙදරු මවගේ වකුගඩු දෙකම අක්‍රියවී ඇති අතර වකුගඩු බද්ධ කිරීමේ සැත්කම පෞද්ගලික රෝහලක් වන කොළඹ පෞද්ගලික රෝහලක සිදුකිරීමට නියමිතය. මේ සඳහා රු. ලක්ෂ 60 මුදලක් වැයවන බව දෙදරු මව පැවසීය. එක් වකුගඩුවක් හෝ කඩිනමින් බද්ධ කළේ නම් තමන්ගේ ජීවිත අවදානම මැඬ පවත්වා ගැනීමට හැකි බව වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි ඇය පවසයි. වාරියපොළ අවුලේගම අංක 46/2 අවුලේගම ලිපිනයේ පදිංචි ඉන්ද්‍රලතා සේනාරත්න දෙදරු මවට රජයෙන් වකුගඩු දීමනාව සඳහා රු. 10,000ක මුදලක් සහනාධාර වශයෙන් ලැබෙන බවත් දරුවන්ගේ අධ්‍යයන කටයුතු සහ ජීවත්වීමට එම මුදල් යොදාගන්නා බවත් ඇයට ස්ථීර ආදායම් මාර්‍ගයක් නොමැති බවත් පැවසීය. නිකවැරටිය ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ 100408005265 ගිණුම් අංකය වේ. ඇගේ දුරකතන අංකය 0764720163 යි. ආර්.එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල
99mobile