FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොලඹ ප්‍රදේශ රැසක් අදත් යටවේ...

FM Heart · 1 min read

The Heart Academy
අද දහවල් කාලයේ පටන් ඇදහැලෙන ධාරානිපාත වර්‍ෂාවත් සමඟ මාලිගාවත්ත, සංඝරාජ මාවත සහ ඛෙත්තාරාම පරිශ්‍රය අවට මාර්‍ග ජලයෙන් යටවීම හේතුවෙන් එම කලාපයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත. මීට අමතරව ආමර් වීදියේ 'ආමර් බාබර්' හන්දිය, කොම්පඤ්ඤවීදිය නවම් මාවත මෙන්ම බොරැල්ල නගර මධ්‍යය ආශ්‍රිත මාර්‍ග කිහිපයකම වැසි ජලය බැස නොගොස් මාර්‍ගය පුරා රැඳී පැවතීම හේතුවෙන් ගමනාගමන කටයුතු අවහිර වී ඇත. ඒ හේතුවෙන් කාර්‍යාල නිමවී නිවෙස් බලා ගමන් ගන්නා මගී ජනතාව සහ රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. මාර්‍ග අවහිරතා මඟහරවා ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්‍ග භාවිත කරන ලෙස පොලිස් රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
99mobile