FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නලින් බණ්ඩාරලා විපක්‍ෂෙ ඉද්දි මෙහෙම ඩ්‍රෝන් ගෙනාවනම් ආණ්ඩුවෙ ඉද්දි කොච්චර ගේන්න ඇද්ද..

FM Heart · 1 min read

The Heart Academy
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී පවා නීතිය නොතකා ඩ්‍රෝන කැමරා හෝ වෙනත් ඕනෑම දෙයක් මෙරටට රැගෙන ඒමට ඇතැම් දේශපාලනඥයන්ට ශක්තියක් තිබීම අතිශය කනගාටුදායක කරුණක් බවයි. "නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ වටපිටාවක් තුළ, දේශපාලන අධිකාරියේ බලපෑම් පාවිච්චි කරමින් රාජ්‍ය බලය අතැතිව සිටි වකවානුවලදී මොවුන් මොන මොන දේවල් මෙරටට ගේන්න නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. පාර්‍ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී, රැගෙන ඒමට උත්සාහ කළ බව කියන අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා කිහිපයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් රඳවාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
99mobile