FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කස්සප හිමියෝ මරණය තෝරා ගනති.. රුවන්මැලි සෑය ඉදිරියේ මියෙන තෙක් මාරාන්තික උපවාසයක් අරඹති...

FM Heart · 1 min read

The Heart Academy
රුවන්වැලිසෑ පරිශ්‍රයේ පිහිටි දන්සල් භූමිය ආශ්‍රිතව මෙම උපවාසය ආරම්භ කර ඇති අතර, අදාළ සංවර්‍ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ එහිදී අවධාරණය කළහ. අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව නාගරික සංවර්‍ධන සැලැස්ම මඟින් පූජා භූමියේ ඉඩම් සහ ඓතිහාසික උරුමයන් අවදානමට ලක්වන බවට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පාර්‍ශ්ව කිහිපයක් දිගින් දිගටම චෝදනා නඟමින් සිටියහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සංවර්‍ධන සැලැස්ම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමියන්ගේ සම සභාපතිත්වයෙන් යුත් 32 කුගෙන් සමන්විත ජනාධිපති උපදේශක සභාවක් දැනටමත් පත්කර ඇති බවයි. එබැවින් එම සැලැස්ම පිළිබඳව කිසියම් ගැටලුවක් පවතින්නේ නම් උපවාසයේ නිරත ස්ථානයේ සිට මීටර් කිහිපයක් නුදුරින් වැඩවසන රුවන්වැලි නායක හිමියන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට අවස්ථාව තිබියදී, මෙලෙස මාධ්‍ය සංදර්‍ශන පවත්වමින් කටයුතු කිරීම ගැටලුසහගත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
99mobile