FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බිත්තරය 50 කිට්ටු කරයිලු..

FM Heart · 2 min read

The Heart Academy
ගෙවුණු මාස කිහිපයේදී බිත්තර නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍ය මිල සියයට විස්සකින් පමණ ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ බව හෙතෙම කීවේය. වර්‍තමානය වන විට බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 32 – 34 අතර මිලක් වන අතර ගොවිපොළ මිල රුපියල් 35ක් වූ බවත් වෙළෙඳපොළ මිල රුපියල් 40ක් වූ බවත් අජිත් ගුණසේකර පැවසීය. නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් පාඩුව පියවා ගැනීමට ගොවිපොළ හිමිකරුවන් බිත්තර දමන කිකිළියන් මස් සඳහා අලෙවි කිරීමට පෙලඹීමත් සමග බිත්තර මිල තවත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇත. දෙසැම්බර් මාසය වන විට සංචාරක හෝටල්වලින් බිත්තර ඉල්ලුම වැඩි වීමත් සමග වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබා දිය නොහැකි වීමද බිත්තර මිල ඉහළ යාමට බලපානු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය. සහන මිලට ජනතාවට බිත්තර ලබා දීම සඳහා රජයෙන් අය කෙරෙන බදු මුදල් කපා හරින ලෙස ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. බිත්තරයක් වෙනුවෙන් රුපියල් 9 ත් 11ත් අතර බදු මුදලක් අය කරන අතර කුකුළු මස් සහ බිත්තර මිලෙන් සියයට විසිපහක් බදු ලෙස අය කරගන්නා බව එම සංගමය පෙන්වා දෙයි. ජනතාවට පහසුවෙන් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගත හැකි බිත්තර සහ කුකුළුමස් වැනි ආහාර සඳහා බදු මුදල් අය නොකරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.
99mobile